සීමාකර තෙල් දෙන්න… ඇමැතිගෙන් ෂෙඩ්වලට උපදෙස්

171

තෙල් සංස්ථාව සතුව තෙල් තොග සීමාසහිත ප‍්‍රමාණයක් තියෙන නිසා ඉන්ධන සීමාකර ලබාදෙන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මතා ඉන්ධන හල්වලට උපදෙස්දී ඇත. ඞීසල් දින 4 කටත්, පෙට‍්‍රල් දින 06 කටත් පවතින බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවැසීය.

ඉන්ධනහල් සඳහා ඉන්ධන ලීටර් 5000 බැගින් නිකුත් කරන බවත් එම ඉන්ධන රුපියල් 3000 ක උපරිමයකට යටත්ව නිකුත් කරන ලෙස උපදෙස් දුන් බවත් ඇමැතිවරයා කීය. මෙසේ සීමා කිරීමට සිදුවූයේ මහජනතාව වාහනවලට සම්පූර්ණයෙන් තෙල් පුරවා ගැනීම, කෑන් බැරල් සහ ටැංකිවලට පුරවා ගැනීම වැනි දෑ නිරීක්‍ෂණය වීම නිසා බවද ඇමැතිවරයා කීය. පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 37,500 රැුගත් නැවක තෙල් බෑම ආරම්භ කළ බවත්, ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක නැවක් අද (2 දා) වරායට පැමිණීමට නියමිත බවත් කී ඇමැතිවරයා එම නැවට ඊයේ සවස් වනතෙක් මුදල් ගෙවීමක් සිදුකර නැතැයිද කීය.

ඩොලර් අර්බුදය හමුවේ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීම ඉතාම අසීරු බවද මේ වන විට රජය ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයකින් රුපියල්

42.48 ක්, ඔක්ටේන් 95 ලීටරයකින් රුපියල් 63.83 ක්, ඔටෝ ඞීසල් ලීටරයකින් රුපියල් 16.93 ක් සහ සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 38.7 ක් බදු වශයෙන් ලබාගන්නා බවද ඇමැතිවරයා කීය. මෙම අර්බුදය රටේ පැවැති කොටි ත‍්‍රස්තවාදයටත් වඩා භයානක බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment