සීමාව පැන්න කිළිනොච්චියේ අවමඟුල ගැන පරීක්‍ෂණ

252

කිළිනොච්චියේ පැවති අවමංගල උළෙලකට පුද්ගලයන් 500 කට වඩා සහභාගීවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිළිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

රිය අනතුරකින් මියගිය තරුණයකුගේ අවමංගල උළෙලකට කිළිනොච්චියේ ඇඟලූම් කම්හල්වල සේවක සේවිකාවන් 120 ක් පමණද තවත් 400 ක් පමණද සහභාගී වී තිබේ. මෘත ශරීරය රැුගත් ඔවුන් කිළිනොච්චිය නගරයේ පෙරහැරක් ගොස් තිබේ.

අවමංගල උළෙලකට සහභාගී විය හැකි සංඛ්‍යාව 15 දෙනකුට සීමා කොට තිබියදී මෙම අවමංගල්‍යය උළෙලට 500 ක් පමණ සහභාගී වීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇති ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් ප‍්‍රකාශ කරන්නේ ඔවුන්ව හඳුනාගෙන නිරෝධායනයට ලක් කිරීමට පියවර  ගන්නා බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment