සීමා යටතේ රට අරින්න පුළුවන් – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්

213

* පෙරේදා පී.සී.ආර්. 13,936ක්

* ‘ඇන්ටිජන්’ පරීක්ෂා 4323ක්

* 96දෙනෙක් දැඩිසත්කාර ඒකකයේ

කොවිඞ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වූ පීසීආර් පරීක්ෂණ 13,936ක් සහ ‘ඇන්ටිජන්’ පරීක්ෂා 4323ක් පෙරේදා (31 දා) සිදුකර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ වන විට කොවිඞ් ආසාදිතව බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් 96දෙනකු දැඩි සත්කාර ඒකකයන්හි ප‍්‍රතිකාර ලබන බවත් එක්කෝටි දහනව ලක්ෂ හයදහස් එකසිය හතරදෙනකු (1,190,6104) මේ වන විට ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ්, සයිනොෆාම් හෝ මොඩර්නා යන කුමන හෝ එන්නතක් ලබා ඇතැයි ද සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී රට යම් සීමාවක් යටතේ විවෘත කළ හැකි යැයි විශ්වාස කරන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment