සීයා සහ ආච්චීට පොරොවෙන් පහරදී ඝාතනය කළ මුණුපුරාට පොලිස් දැල

310

ඇල්ල බල්ලකෙටුව පොලිස් වසමට අයත් නාවලගම නව නිවාස සංකීර්ණයේ පදිංචි අවුරුදු අසූවක් සහ හැත්තෑවක් වයසැති තම සීයා සහ ආච්චි ඝාතනය කළ මුණුබුරා අත්අඩංගුවට ගැනීමට බල්ලකෙටුව පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඉකුත් 04 දා රාත්‍රී බල්ලකෙටුව නව නිවාසයෙහි පදිංචි ආර්. ඩී. එඩ්වින් (80), ආර්. ඩී. ගුණවතී (70) නමැති වයෝවෘද්ධ යුවළට පොරවකින් කොටා ඔවුන්ගේ මුණුපුරා ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.

කැපුම් තුවාල සහිතව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ සීයා එහිදී මියගොස් තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකරන ලද ආච්චිද එහිදී මියගොස් තිබිණි. සැකකරු හමුදාවෙන් පළාගියා සෙබලෙකු වන අතර ඔහු ආච්චි සහ සීයා සමඟ එකට නිවසේ පදිංචිව සිට ඇත. කුඩා කාලයේ සිට ඔහු හදාවඩාගෙන ඇත්තේද ඔවුන් දෙදෙනා විසිනි. අවුරුදු විසිදෙකක් පමණ වයසැති සැකකරු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී සිටින අයෙකු වන අතර සොරකම් කිහිපයකටද සම්බන්ධවූ අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් පාරින්ද වීරසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වීය. ප්‍රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ උපදෙස් පිට බල්ලකෙටුව පොලිස් ස්ථානාධිපති වයි. එම්. පී. බී. ගුණරත්න මහතා පරීක්ෂණ කටයුතු කරගෙන යයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment