සීෂෙල්ස් ජනරජය ශී‍්‍ර ලංකන් ගුවන් සේවය සාදරයෙන් පිළිගනියි

152

සීෂෙල්ස් ජනරජයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් ශී‍්‍රමාල් වික‍්‍රමසිංහ මහතා විසින් මේ මස 12 වැනිදා ඉරිදා දින ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබීය.

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම මාස 21කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. 2020 මාර්තු මස 16 වැනිදා සීෂෙල්ස් වෙත ආපසු යෑමත් සමග ශී‍්‍ර ලංකාව සිය ගුවන් ගමන් මෙහෙයුම් නතර කරනු ලැබූ අතර සතියක් පාසා සෑම ඉරිදාවකම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයන් බොහෝ දෙනෙක් ශී‍්‍ර ලංකාව වෙත පැමිණෙන බවට ප‍්‍රසිද්ධය.

advertistmentadvertistment
advertistmentadvertistment