සීසන් ගත් අයට යකඩ යකා දොර අරී… සංචරණ සීමා 31දා සිට ඉවතට

111

පවතින කොවිඞ් වසංගතය හමුවේ දැනට කි‍්‍රයාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 31 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (22 දා) රැුස්වූ කොවිඞ් මර්දන බළකාය තීරණයකර ඇත.

එසේම දැනට තාවකාලිකව ධාවනය අත්හිටුවා ඇති පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් මස 01 වැනිදායින් පසු සෞඛ්‍ය උපදෙස් මත සිදුකිරීමට එම කමිටුවේදී තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එතෙක් බස්නාහිර පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය මෙම මස 25 වැනිදා සිට කි‍්‍රයාත්මක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එසේ බස්නාහිර පළාතේ ධාවනය කරන දුම්රියන්හි ගමන් කළ හැක්කේ දුම්රිය වාර ප‍්‍රවේශපත් හිමි මගීන්ට පමණක් බව ප‍්‍රවාහන ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment