සීසීසී හැටි්‍රක් ශූරතාවයට යන සටන අද ඇරැඹෙයි – මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින තරගාවලිය

121

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ක්‍රිකට් සමාජය (සීසීසී) හා ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර අද (17 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස සී.සී.සී. පිල තරගාවලියේ පෙරමුණට පැමිණි අතර එක් තරගයකින් පමණක් ටැමිල් යූනියන් පිල පරාජයට පත් විය.

සී. සී. සී. කණ්ඩායම මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ පිට පිටම තෙවැනි වතාවට වීම විශේෂත්වයක් වේ. අවසන් වරට පැවැති තරගාවලි ද්විත්වයේදී අවසන් මහ තරග වරම් දිනාගත් සී.සී.සී. පිල එම තරගාවලි ද්විත්වයේම ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින කණ්ඩායම වේ. ඒ අනුව අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ පිට පිට වසර 3 ක් අවසන් මහ තරග වරම දිනා ගැනීමට සමත් එකම කණ්ඩායම බවට පත්වීමට ද සී. සී. සී. කණ්ඩායම සමත්ව සිටියි.

සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ටැමිල් යූනියන් පිල සඳහා ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මදුශාන් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත වුවත් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තවත් දින කීපයකින් ආරම්භ වන බැවින් ඔවුන්ව ජාතික කර්තව්‍ය සඳහා මුදා හැරීමට එම ක්‍රීඩා සමාජයට සිදුව තිබේ. එබැවින් ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය ටැමිල් යුනියන් පිලට අහිමි වුවත් මෙවර තරග වාරයේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් රැසක්ම කණ්ඩායම සතුවීම නිසා ප්‍රතිවාදී සී.සී.සී. පිලට ප්‍රබල අභියෝගයක් ලබාදීමේ හැකියාව ඔවුන් සතුව පවතිනු ඇත.

අශාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුතු සී.සී.සී. කණ්ඩායමට ප්‍රබලම ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටිති. ජාතික පිල නියෝජනය කරනු ලබන වනිඳු හසරංග සහ අසිත ප්‍රනාන්දු ජාතික කර්තව්‍යය හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා නොකරන නමුත්, ඔවුන් සතුව දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම සිටිති. මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ඔවුන් සතු ජාතික තලයේ ක්‍රීඩකයෝ වෙති.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment