සී.අයි.ඩී.ය නාමල්ගෙන් පැය 4ක් ප්‍රකාශ ගනියි

156

කොටුව ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ පසුගිය 09 වැනිදා සිදු වූ සිදුවීම්වලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20 දා) සවස පැය 4ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම දෙපාර්තමේන්තුවේදී එලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙම සිද්ධිවලට අදාළව පුද්ගලයන් 22 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. එම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ද වූහ.

ඒ අනුව පෙරේදා (19 වැනිදා) දිනයේදී හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, හිටපු ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීම ඊයේ (20 වැනිදා) සවස 4.00 ට ආරම්භ වූ අතර, පුවත්පත මුද්‍රණයට යන විටත් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment