සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ගුවන් හමුදාව පරදවයි

51

‘නිපෝන් පේන්ට් අභියෝග කුසලාන’ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සතියේ අවසන් තරගය ලෙස ලොන්ඩන් පෙදෙසේදී ක්‍රියාත්මක වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සහ ගුවන් හමුදාව අතර සටන ජය ගැනීමට සී.ආර්. ක්‍රීඩකයෝ සමත් වූහ.

තියුණු මුහුණුවරක් ඉසිලූ මෙම තරගයේ අවසන් ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 29 – 24 ක් ලෙසිනි.

ගෝල් දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 03 ක් වාර්තා කර ගනිමින් සී.ආර්. පිල ද ගෝල් දිනුම් 03 ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගුවන් හමුදාව ද තම ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙවර තරගාවලිය ආශ්‍රිතව තම 04 වැනි ජයග්‍රහණය සටහන් කර ගැනීමට සී.ආර්. සමාජයට හැකි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment