සී.ආර් ඇන්ඩ් එෆ්.සී 08 වැනි ජය ලබයි

82

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි තරගාවලියේ “සුපිරි වටය” ට අයත් දෙවන සතියේ තරගයකදී නාවික හමුදා පිල වැඩි ලකුණු 20 කින් පරාජය කිරීමට සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිල සමත් වූයේය.

සී. ආර් ඇන්ඩ් එෆ්.සී පිල මෙවර තරගාවලියේ ලද 08 වැනි ජයග්‍රහණය එය විය.

තරගය ඇරැඹී පළමු භාගය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත තරගයේ ජයග්‍රහණය දෙපිල වෙතම දෝලනය වන ආකාරයක් දක්නට ලැබුණි.

ලකුණු 13 – 12 ක් ලෙස පෙරමුණ ගනිමින් දෙවන භාගයට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයෝ මනා සංවිධාන ශක්තියකින් ක්‍රීඩා කරමින් ලකුණු 37 – 17 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සමත් වූහ.

සී.ආර්. ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු චමෝද් මුතුනායක (02) රුචිර ඒකනායක (01) ලහිරු පවිත්‍ර (01) ලසිඳු කරුණාතිලක (01) තේනුක නානායක්කාර (01) උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන 02 ක් සමග එක් දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කිරීමට චතුර සෙනවිරත්නට හැකි විය.

නාවික හමුදාව වෙනුවෙන් අධීෂ වීරතුංග (01) නිරෝෂ් පෙරේරා (01) සහ සුමිත් ධනංජය (01) බැගින් උත්සාහක දිනුම් ලබා ගත්හ.

එහි ප්‍රවර්තනයක් සාර්ථක කිරීමට තිළිණ වීරසිංහ සමත් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment