සී. එච්. ඇන්ඞ් එෆ්. සී. හමුවේ පොලිසිය පසුබසී

105

ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක අන්තර් සමාජයීය ලීග් ශූරතා රග්බි තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගයේ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට සී. එච්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩා සමාජය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසිලූ මෙම තරඟයේ දී සී.එච්. පිල හමුවේ ලකුණු 25 – 22 ක පරාජයක් අත්විඳීමට පොලිස් පිලට සිදු විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට දෙපිලම ලකුණු 05 – 05 ක් ලෙස ලබා ගනිමින් සම දක්ෂතා අතර රැුඳී සිටිය ද අවසාන මොහොතේ දී ක‍්‍රියාත්මක වෙමින් අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට සී.එච්. ක‍්‍රීඩකයෝ සමත්වීම කැපී පෙනුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මූලික වටයේ තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සී.එච්. පිලට හැකි විය.

ජයග‍්‍රාහී පිල වෙනුවෙන් ප‍්‍රසාද් මධුශංක 02, අවන්ත ලී 01 සහ ෂේන් ඩයස් 01 බැගින් උත්සාහක දිනුම් ලබා ගත් අතර එහි එක් ප‍්‍රවර්තනයක් යෝෂිත රාජපක්ෂ විසින් ද එක් ද`ඩුවම් පහරක් හිරූෂ සම්පත්ගේ පා පහරින් ද සාර්ථක වුණි.

පරාජිත පිල වෙනුවෙන් කැපී පෙනුණු රශ්මික හඳුන්පතිරණ 01, හෂාන් ප‍්‍රනාන්දු 01, මොහාන් වීරරත්න 01 උත්සාහක දිනුම් ලබා ගත් අතර එහි ප‍්‍රවර්තනයක් සහ ද`ඩුවම් පහරක් සාර්ථක කිරීමට සමත් වූහ. මනිල්ක රුබේරු ගෝල් දිනුමක් බවට පත් කළේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment