සී.ඩී.එම්. යන්ත්‍රයේ සිරවූ  එක්ලක්ෂහැටපන්දහස  හිමිකරුටම ලබා දෙයි

620

ඉගෙන ගත් දෙය එලෙසම ඉටු කරන අයත් ඉන්නවා

නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් සී.ඩී.එම්. යන්ත්‍රයේ සිරවී තිබියදී හමුවූ රුපියල් එක්ලක්ෂහැටපන්දහසක මුදලක් එහි හිමිකරු වන යක්කලමුල්ල උඩුමලගල පදිංචි එච්.එල්.ආර්.කේ. ප්‍රියදර්ශන මහතා වෙත ලබාදීමට ගිංතොට මහ විද්‍යාලයේ සේවය කරන එම්.එස්. දහානයක මහතා විසින් කටයුතු කරනු ලැබීය.

මෙකී මුදල ලබාදීම යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ මහතා ඉදිරියේදී යක්කලමුල්ල පොලිස් ස්ථානයේදී සිදුවිය. ප්‍රියදර්ශන මහතා විසින් මෙකී මුදල යක්කලමුල්ල නගරයේ පිහිටි සී.ඩී.එම්.

යන්ත්‍රයේ තැන්පත් කොට ඇත. එහෙත් එම මුදල නිසි පරිදි යන්ත්‍රයේ තැන්පත්වී නැත. ඊට ටික වෙලාවකට පසු එම්.එම්. දහනායක මහතා විසින් තම පුතු සමග මෙකී සී.ඩී.එම්. යන්ත්‍රය වෙත මුදලක් තැන්පත් කිරීම සඳහා පැමිණ ඇත. එහෙත් මුදල් තැන්පත් කිරීමට යෑමේදී යන්ත්‍රයේ හිරවී ඇති මුදල් ඉවත්කර ගන්නා ලෙස පණිවුඩයක් ලැබී ඇත. ඉන්පසු දහනායක මහතා විසින් එම මුදල ඉවත්කරගෙන තමන් රැගෙනආ මුදල යන්ත්‍රයේ තැන්පත් කොට ඇත. පසුව ඔහු මේපිළිබඳව අදාළ රාජ්‍ය බැංකුව හා යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කොට මෙම මුදල් එහි හිමිකරු වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

“මම රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙක්. පාසල් කාලයේදී බාල දක්ෂයෙක් ලෙස කටයුතු කළා. අන්සතු මුදලක් අපිට අවශ්‍ය නැහැ. අපිට කියලා දිලා තියෙන්නේ අනුන්ගේ දේවල් ගන්න එපා විශ්වාසයෙන් වැඩකරන්න කියලා…” යැයි මෙකී මුදල අදාළ හිමිකරු වෙත ලබාදෙමින් කීවේය.

“ඇත්තටම මට හිමි මුදල හමුවීම ගැන මම ගොඩක් සතුටුවෙනවා. දහනායක මහතා සිදුකළේ ආදර්ශවත් ක්‍රියාවක්. අපේ රටේ මෙවැනි යහපත් පුරවැසියන් සිටීම ගැන සතුටු වෙනවා…” යැයි එච්.එල්.ආර්.කේ. ප්‍රියදර්ශන මහතා කිවේය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල් යක්කලමුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment