සී.සී.ටී.වී. කඩලා අනුරපුර මූල්‍ය සමාගමෙන්  හයලක්‍ෂයක් පන්නලා  

78

අනුරාධපුර නගරයේ මෛත‍්‍රිපාල සේනානායක මාවතේ පිහිටි පෞද්ගලික මූල්‍ය සමාගමකට ඇතුලූ වී එහි සවිකර තිබෙන ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාවට අලාභහානි සිදුකොට අනතුරුව මුදල් සේප්පුව කඩා ඒ තුළ තැන්පත්කොට තිබූ රුපියල් හය ලක්ෂ එක්දහස් හැත්තෑපහක මුදලක් සොරා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ඉකුත් 12 වෙනි සෙනසුරාදා සවස සිට පෙරේදා (14 දා) පෙරවරු 7.40 ත්

අතර කාලයේ මෙම මුදල් සොරකම සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම මූල්‍ය සමාගමේ කළමනාකාරවරයා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත එම විමර්ශනය අරඹා ඇත. එම මුදල් සොරකමට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ජයන්ත පුෂ්පකුමාර සහ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී (1) ඒ. එස්. එච්. පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මීට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment