සුගතදාස හෝටලය වෙනුවට මාතරට රැගෙන යෑම ගැන මලල කී‍්‍රඩකයෝ නොසතුටින්

285

ඉන්දියාවේ පකියාලා නුවර පැවැති අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම පොරොන්දු වූ පරිදි සුගතදාස හෝටලයේ නිරෝධායනය නොකර මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායනය කිරීම පිළිබඳව මලල කී‍්‍රඩා කණ්ඩායම සිය නොසතුට පළ කර ඇත. අදාළ තරගාවලියට සහභාගි වූ මලල කී‍්‍රඩා කණ්ඩායම ඊයේ (02 වැනිදා) අලූයම 2.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති අතර නිරෝධායනය පිණිස සුගතදාස කී‍්‍රඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයට තමන්ව රැගෙන යනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිය ද එම පිරිස මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

සුගතදාස කී‍්‍රඩාංගණයේ හෝටලය තමන් වෙත නිරෝධායනය පිණිස ලබා දෙන බවට පොරොන්දු වී තමන්ව මාතර නිල්වලා විද්‍යා පීඨයට රැුගෙන යෑම පිළිබඳව කී‍්‍රඩකයන් අමාත්‍යාංශයේ බලධාරීන්ට සහ මලල කී‍්‍රඩා බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඊයේ (02 වැනිදා) දහවල් වන තුරුත් ඔවුන්ගේ එම ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබී නැත.

කොවිඞ් පාලන ඒකකයේ හදිසි නියෝග මත  එසේ කරන්න සිදු වුණා – මලල කී‍්‍රඩා සභාපති

ඉන්දියාවේ පකියාලා නුවර පැවැති අන්තර් ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම පොරොන්දු වූ පරිදි සුගතදාස හෝටලයේ නිරෝධායනය නොකර මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායනය කිරීම පිළිබඳව මලල කී‍්‍රඩා කණ්ඩායම සිය නොසතුට පළ කර ඇත.

අදාළ තරගාවලියට සහභාගි වූ මලල කී‍්‍රඩා කණ්ඩායම ඊයේ (02 වැනිදා) අලූයම 2.00 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති අතර නිරෝධායනය පිණිස සුගතදාස කී‍්‍රඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයට තමන්ව රැගෙන යනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිය ද එම පිරිස මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

සුගතදාස කී‍්‍රඩාංගණයේ හෝටලය තමන් වෙත නිරෝධායනය පිණිස ලබා දෙන බවට පොරොන්දු වී තමන්ව මාතර නිල්වලා විද්‍යා පීඨයට රැුගෙන යෑම පිළිබඳව කී‍්‍රඩකයන් අමාත්‍යාංශයේ බලධාරීන්ට සහ මලල කී‍්‍රඩා බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඊයේ (02 වැනිදා) දහවල් වන තුරුත් ඔවුන්ගේ එම ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබී නැත.

මලල කී‍්‍රඩා කණ්ඩායම නිල්වලා විද්‍යා පීඨයට රැුගෙන යන අවස්ථාව වන විට ඉන්දියාවේ සිට පැමිණි තවත් පිරිසක් මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායනයට ලක් කර තිබුණු බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කී‍්‍රඩකයන් 10 දෙනකුගෙන් සහ නිලධාරීන් දෙදෙනකුගෙන් යුතු අදාළ මලල කී‍්‍රඩා කණ්ඩායම සුගතදාස හෝටලයට යොමු නොකර කොළඹින් ඈත ජාත්‍යන්තර කණ්ඩායමකට සුදුසු නොවන තරම් වූ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යෑම පිළිබඳව මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ කළ විමසීමේදී සඳහන් කළේ රටේ කොවිඞ් තත්ත්වය මත අපට එම තීරණය ගැනීමට සිදුවූ බවයි. ඒත් අපි ඔවුන්ව කොළඹට සමීප නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන්වීමට කටයුතු කරන බවද හැකි ඉක්මනින් ඒ සඳහා පියවර ගන්නා බවත් පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මලල කී‍්‍රඩා සභාපතිවරයා අපි ඔවුන්ව කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ හෝටලයේ නිරෝධායනයට ලක් කිරීමටයි සැලසුම් කර තිබුණේ. ඒත් කොවිඞ් නිවාරණ මධ්‍යස්ථානයෙන් අපට දැනුම් දුන්නා ඒ තීරණය වෙනස් කරන ලෙස. ඒ අනුව අපට වෙනත් ස්ථානයක් සොයා ගන්න වුණා. ඊට පෙරද අපට දැනුම් දීමක් ආවා සුගතදාස කී‍්‍රඩාංගණයේ මේ අයව රඳවා ගැනීම අවදානම් සහගත බව. අපි එය සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත්තා. පසුගිය (30 වැනිදා) හවස් වන තුරුත් තීරණය තිබුණේ සුගතදාස හෝටලයේ ඔවුන්ව නතර කිරීමටයි. ඒත් අවසන් මොහොතේදී එය වෙනස් වුණා. ඉන්දියාවේ සිට පැමිණෙන අය අනෙක් පිරිසගෙන් වෙන්කර තබන ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබී තිබුණා. ඒත් මේ ළමයින්ට කී‍්‍රඩා පුහුණුවීම් කිරීමටත් අවස්ථාව ලැබෙන ලෙස ඔවුන්ව සුගතදාස හෝටලයේ නිරෝධායනය කිරීමට අපි සැලසුම් කළා.

ළමයින්ට දැන් පත්වන අපහසුතාවය සලකා බලා අපි ඔවුන්ව කොළඹ අවට නිරෝධායන මධ්‍යස්ථානයකට කැඳවීමට බලාපොරොත්තු වෙනවා. එය ඔවුන්ට සිය පුහුණුවීම් කිරීමට ද ඉඩ පහසුකම් තිබෙන තැනක් විය යුතුයි. එය හැකි ඉක්මනින් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්දීය ප‍්‍රාන්ත මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වූ අදාළ මලල කී‍්‍රඩා කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගත්තේය.

අදාළ ප‍්‍රශ්නය පිළිබඳව මලල කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා ප‍්‍රකාශ කළේ සුගතදාස හෝටලයෙන් මාතර නිල්වලා විද්‍යා පීඨයට මලල කී‍්‍රඩා කණ්ඩායම යොමු කිරීම තමන්ට හිතා ගන්නවත් නොහැකි බවයි. ඒ තීරණය වෙනස් වෙන්නට හේතුව ඩෙල්ටා කොවිඞ් ප‍්‍රශ්නය වෙන්න ඇති. ඒත් එය මීට වඩා හොඳ විදිහකට සිදුවිය යුතුව තිබුණා නම් හොඳ යැයි ද ඒ මහතා පැවසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment