සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් අද කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී

41

සුජය ශිෂ්‍යත්වය පුවත්පත් මගින් සංවිධානය කරන 2023 වර්ෂයේ නවවැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (17 වැනිදා) මප/ග/ කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.

අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට ගලේවෙල අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් 10ක දරුවන් සහභාගි වීමට නියමිතය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. පී. අමරසිරි පියදාස මහතාගේ අනුමැතියෙන් සහ කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එම්. කේ. පී. ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් මෙම ශිෂයත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

සිලෝන් චොකලට් සමාගමේ (Kandos) පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම වසරේ නව වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනය මෙහෙයවීම කොළඹ විශාඛා, ආනන්ද හා ඉසිපතන විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ මහත්මිය විසින් සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment