සුජීවා මුදාහැරීම උසාවියෙන් අත්හිටුවයි

283

පසුගිය 6 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් මුල් අයිතිකරු වෙත භාරදීමට නියෝග කළ සුජීවා නමැති ඇතින්න හා එම ඇතින්න බිහිකළ මාස හතරක් වයසැති අලි පැටවා කිසිදු පාර්ශ්වයකට මුදාහැරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (22 දා) වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝග අභියෝගයට ලක්කරමින් ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සතුන් උදෙසා යුක්තිය නමැති සංවිධානය ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළහ.

තම අධිකරණයේ එම නියෝගය වහාම ජාතික සත්වෝiාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා පින්නවල රිදීගම ඇත්අතුරු සෙවණේ පාලකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු ම`ඩුල්ල අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළහ. එම පෙත්සම මෙන්ම කොළඹ අතිරේක මහෙස්ත‍්‍රත් අධිකරණය හා මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් තවත් අලි ඇතුන් 14 දෙනකු මුදාහරිමින් නිකුත් කර තිබූ නියෝග අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් ගොනුකර තිබූ සෙසු පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. නීතිඥ දිලූනි ද අල්විස්, නීතිඥ ලක්මිණි වරුෂවිතාන සහ නීතිඥ ශානක අමරසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ අතර සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නිල්පුල් වික‍්‍රමසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්‍ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment