සුඩාන හමුදාව සහ අතුරු හමුදාව අතර ගැටුම්වලින් 60 ක් මරුට

190

ජනපති මැඳුර – කාර්ටුට් ගුවන්තොටුපළ සහ හමුදාපති මැඳුර අතුරු හමුදාව අල්ලා ගනී

සුඩානයේ ජනපති මාලිගය – කාර්ටුට් ගුවන් තොටුපළ සහ හමුදාපති මන්දිරය එරට ආර් එස් එස් අතුරු හමුදාව විසින් අල්ලාගෙන ඇත.

හිටපු අගමැති හැම්ඩොන් පැවසුවේ සුඩානය තුළ සිවිල් යුද්ධයක් ආරම්භ වී ඇති බවයි.

සුඩාන හමුදාව සහ අතුරු හමුදාව අතර ගැටුම්වලින් 60 ක් මරුට

ආර් එස් එස් සහ රජයේ හමුදාව අතර ඇති වූ ගැටුම්වලින් 60 ක් මරුමුවට පත් වී ඇත.

තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා තිබේ.

ආර් එස් එස් බළකායට අවි ආයුධ සැපයුවේ රුසියාව බව හෙළි වී ඇත. මෙම ගැටුම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉල්ලා ඇතත් දෙපාර්ශ්වයම ඊට එකඟ වී නැත. රුසියානු වැග්නර් කණ්ඩායම මෙම ගැටුම අවුළුවා ඇති බව වාර්තාවේ. මේ අතර කාර්ටුට් ගුවන්තොටුපළට පැමිණි සවුදි යානාවකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment