සුදත් චන්ද්‍රසේකරට ක්‍රීඩා අමාත්‍යාංශය එපා වෙයි

170

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර මහතා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.යහපත් මානසික තත්ත්වයෙන් යුතුව රාජකාරී කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බැවින් තමන් එම ධුරවලින් ඉල්ලා අස්වන බවයි ලිඛිතව දන්වා ඇත.තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කළ බවද සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment