සුද්දා එදා එසේ කීවත් අද  අපි කන හැටි දන්නේ ළිප පමණි – අදටත් වලංගු යුතුකම් නීති 4 ක්

376

‘වවා ගන්නා කොයිම දෙයක් හෝ හාල් වෙනුවට මිලයට ගන්නා කොයිම දෙයක් හෝ කටට රස ඇති අන්දමට පිසගෙන සන්තෝෂයෙන් අනුභව කරනු’ ආදී වශයෙන් යුතුකම් නීති 4ක් ඉටුකළ යුතු බව 1944 ජනවාරි 4 වැනි දින එදා ලංකාවේ ආණ්ඩුකාර ඒ. කෝල්ඩිකොට් රටවැසියන්ට නිවේදනය කර තිබේ.

එම යුතුකම් 4 කරන්නාවූ අය දේශප්‍රේමීහු බවත් එසේ නොකරන්නෝ දේශද්‍රෝහීන් බවත් ඔහුගේ නිවේදනයේ දැක්වේ.

නුවරඑළියේ ක්වින්ස් කොටේජ්හි දී සිට ආණ්ඩුකාරවරයා රටවැසියන්ට නිකුත් කර ඇති එම පණිවුඩය පටන්ගෙන ඇත්තේ මේ දිවයිනේ සිටින සෑම පුරුෂයකු හා ස්ත්‍රියක විසින් ද සෑම පිරිමියකු හා ගෑනු ළමයකු විසින් ද පහත දැක්වෙන නීති හතර පිළිපැදීමෙන් සමාදානය ලබා ගැනීමට ස්වකීය යුතුකම් ඉටුකළ හැකි බව ලෙසිනි. එම යුතුකම් නීති හතර පහත දැක්වේ.

1. හැකි තරම් ආහාර ද්‍රව්‍ය වවනු

2. වවාගන්නා කොයිම දෙයක් හෝ හාල් වෙනුවට මිලයට ගන්නා කොයිම දෙයක් හෝ කටට රස ඇති අන්දමට පිසගෙන සන්තෝෂයෙන් අනුභව කරනු.

3. තමන්ට නියමව තිබෙන ප්‍රමාණයට වඩා ආහාර ද්‍රව්‍ය ලබාගන්නට උත්සාහ නොකරනු. ආණ්ඩුවෙන් නියම කර තිබෙන මිලට වඩා කිසිම විටක ඒවාට මුදල් නොගෙවනු.

4. ආහාර කොටස් කිරීමේ හා මිල නියම කිරීමේ නීතිවලට විරුද්ධව ඊට වඩා ප්‍රමාණයක් හෝ ඊට වඩා මිලකට හෝ බඩු විකුණන්නාවූ හෝ මිලයට ගන්නාවූ ඕනෑම කෙනකුට විරුද්ධව කරුණු දැක්වීමට ප්‍රමාද නොවෙනු.

ඒ යුතුකම් හතර කරන්නාවූ අය ලංකාවේ දේශප්‍රේමීහුය. මෙසේ නොකරන්නෝ දේශද්‍රෝහියෝය.

‘සුද්දා’ එදා රටවැසියන්ට රස ඇති අන්දමට පිසගෙන සන්තෝෂයෙන් අනුභව කරනු යයි කීවත් අද රට කරවන අයට එසේ කිව හැක්කේද? අද ජනතාව කන හැටි දන්නේ ළිපා පමණි.

ජගත් කණහැර ආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment