සුදුලූනු ආරංචියක් ආවොත් අනේ මට කියන්න – බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි

453

සුදුලූනු වංචාව සම්බන්ධව මාධ්‍යට කිසියම් තොරතුරක් ලැබෙනවානම් පොලිසියට ඒ ගැන දැනුම්දෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) කියා සිටියේය.

මාධ්‍යවේදීන් කිසිවකු සමග තමාගේ කිසිදු අමනාපයක් නැතැයි ද තමා කලක් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කි‍්‍රයා කළේ යැයි ද හෙතෙම කියා සිටියේය. මාධ්‍යවල බොහෝ දෙනකු සමග තමා හිතවත් යැයි ද ඔහු කීවේය. සුදුලූනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීමට ගත් කි‍්‍රයාමාර්ගය පිළිබඳව ඇමැතිවරයාගෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ මේ බව පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment