සුදුලූනු කිලෝ 56000 ක් සතොසෙන් පන්නලා

127

පාරිභෝජනයට නුසුදුසු යැයි පවසමින් මෑතකදී ගෙන්වන ලද සුදුලූනු කිලෝ පනස් හයදහසක් සතොස වැලිසර ගබඩාවකින් රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය ඊයේ (10 දා) විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සුදුලූනු තොගය සතොසට අයත් කන්ටේනර් 02 කින් 09 දා රාති‍්‍රයේ රැුගෙන ගොස් ඇති බවත් සතොස ප‍්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ලද ලිපි අනුව මේවා රැුගෙන ගොස් ඇති බවත් පාරිභෝගික අධිකාරියේ විමර්ශනයට ලක්වී ඇත.

සතොසට මිලදී ගන්නා විට හොඳ තත්ත්වයේ පවතින සුදුලූනු මිලදී ගැනීමෙන් පසු පාරිභෝජනයට නුසුදුසු බවට සඳහන් කරමින් පෞද්ගලික ආයතනයකට මෙම සුදුලූනු තොගය අලෙවිකර ඇතැයි පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

පෞද්ගලික ආයතන විසින් සුදුලූනු ගෙන්වීමේදී බදු මුදලක් ගෙවීමට සිදුවන අතර සතොස මගින් සුදුලූනු ගෙන්වා බදු මුදල් වංචාකර මෙය සිදුකර ඇතිද යන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත. මේ ආකාරයෙන් පාන්පිටිද සතොස ගබඩාවෙන් පිටකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් සොයා බලන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment