සුදුලූනු වංචාවෙන් බැටකන සමාගම් අධ්‍යක්‍ෂට මරණ තර්ජන – සීඅයිඩීයට පැමිණිල්ලක්

175

සතොස සුදුලූනු වංචාව හේතුවෙන් අගතියට පත් අදාළ පෞද්ගලික සමාගම් අධ්‍යක්‍ෂ අනුර අබේවර්ධන මහතා මේ වන විට තමන්ට සහ තම පවුලේ අයගේ ජීවිතවලට එල්ලවී තිබෙන මරණීය තර්ජන පිළිබ`දව ඊයේ (14 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් ඉල්ලා අස්කර ගන්නා ලෙස පවසමින් දුරකථන ඇමැතුමක් දුන් පුද්ගලයකු ඔහුට මෙසේ තර්ජන එල්ල කර ඇත. එහිදී තර්ජනය කළ පුද්ගලයා අබේවර්ධන මහතාගේ කුඩා දියණිය කෑලි කෑලිවලට කපා මරා දමන බවත් ඔහු හා බිරිඳ මහම`ගදී ඝාතනය කරන බවටත් තර්ජන එල්ල කර ඇත.

එසේ සඳහන් කරමින් ඔහු අබේවර්ධන මහතාට පවසා ඇත්තේ එළැඹෙන 10 වැනිදාට පෙර අදාළ නඩුව ඉල්ලා අස්කර ගත යුතු යැයි යන්න ය. ලංකා සතොස ආයතනයේ සිදු වූ මෙම වංචාවේදී සතොස සාමාන්‍යාධිකාරිවරයකුට සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මෙන්ම අතරමැදියන් කිහිපදෙනකු ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment