සුදුලූනු සිද්ධිය මාධ්‍යවේදීන්ට පොලිසියේ කනගාටුව

169

ලංකා සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කළ මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම නිසා සිදු වූ අපහසුතාව පිළිබඳව පොලිස් මූලස්ථානය සිය කනගාටුව පළකර සිටියි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සිය කනගාටුව ප‍්‍රකාශ කර සිටියේය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීයමය භාවයට කැළලක් වන අන්දමින් වගකීම් රහිතව නොසැලකිලිමත්ව කටයුතු කර ඇති නිලධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව නිහාල් තල්දුව මහතා පවසයි. සුදුලූනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍ය ආයතන වෙත ගොස් මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් බවට පත් විය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment