සුදුසැරයටි දින දැනුවත් කිරීමට මඩකලපුවේදී පෙළපාලියක්

102

ජාත්‍යන්තර සුදුසැරයටි දිනය නිමිතිකොට දෘෂ්‍යාබාධිතයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මඩකලපුවේ පෙළපාලියක් පැවැත්වුණි.

මඩකලපුව තරිෂනම් දෘෂ්‍යාබාධිත මධ්‍යස්ථානයේ සංවිධානයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මඩකලපුව දිසා ලේකම් කේ. කරුණාකරන් මහතා සහභාගි විය.

මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිතයා ලෙස මඩකලපුව අධ්‍යාපන කලාප කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ එස්. කරිකාරාජ්, මඩකලපුව සිංහ සමාජයේ කලාප සභාපති කේ. ලෝගනාදන් යන මහත්වරුන් ඇතුළු කල්ලඩි විවේකානන්ද බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනය සහ සමාජ සේවිකා තිලකවතී හරිදාස් මහත්මිය සමග තරිෂනම් දෘෂ්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නිලධාරීන්, සිසුන් මෙන්ම මහජනතාව එම අවස්ථාවට එක්වූහ.

මඩකලපුව ටී.එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment