සුදු කබර සහ පොතු කබරවලට බලපාන හේතු

3548

මෙම රෝගවලදී අපට ඇතිවන අපහසුතාවයට වඩා පවතින්නේ මෙම රෝග සම්බන්ධව අන් අය දක්වන ප‍්‍රතිචාරයන්ය

 අප කොයි කවුරුත් ලස්සනට ඉන්න කැමැතියි. ඒනිසා ලෙඩ රෝගවලින් වැළකී සිටීමට මෙන්ම සිරුරේ බාහිර අලංකාරය නිරෝගීව පවත්වා ගැනීමටත් වැඩි අවධානය යොමු කරයි. එවැනි මොහොතක සමේ කිසියම් රෝගයක් ඇති වුවහොත් කෙතරම් මානසික පීඩාවකට පත්වෙනවා දැයි කියා දන්නේ ඊට මුහුණ දෙන අය පමණි. එහිදී විශේෂයෙන්ම සුදු කබර හෝ පොතු කබර රෝගය මතුවුවහොත් එම මානසික පීඩන දෙගුණ තෙගුණවේ.

සුදු කබර සහ පොතු කබරවලට බලපාන හේතු

මෙම රෝගවලදී අපට ඇතිවන අපහසුතාවයට වඩා පවතින්නේ මෙම රෝග සම්බන්ධව අන් අය දක්වන ප‍්‍රතිචාරයන්ය. ඇතැම් දෙනා පොතුකබර හෝ සුදුකබර ඇති පුද්ගලයෙක් දුටුවහොත් ප‍්‍රතිචාර දක්වන්නේ සායනික රෝගයක් වැළඳුණ සහ එය අන් අයට බෝ කරන පුද්ගලයෙක් ලෙසය.

 සුදු කබර සහ පොතු කබර රෝගවලට හේතු ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙම රෝග සඳහා බලපාන්නේ ලේ කෝප වීමය. එසේ ලේ කෝපවීමට බලපාන හේතු ලෙස වාත, පිත, සහ සෙම යන ත‍්‍රිදෝෂ මූලිකවේ.

 එදිනෙදා අප ගනු ලබන ආහාර පාන මගින් වාත, පිත, සහ සෙම කෝප වේ. උදාහරණයක් ලෙස නිතර සැර ආහාර වර්ග ගැනීමට හුරුව සිටින අය දැක්විය හැකිය. එනම් තක්කාලි, අච්චාරු මඤ්ඤොක්කා, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ වැනි ආහාර ඉන් ප‍්‍රධාන තැනක් ගනී.

 නිතර මත්පැන් පානය කරන අයට මෙම රෝග ඉතා පහසුවෙන් මතුවේ. පවුලේ යම් අයෙකුට දද, කුෂ්ට, යටි පතුල් පැලීමේ වැනි රෝග ඇත්නම් ඔවුන්ගේ අන් සාමාජිකයින්ට වඩාත් සැලකිලිමත් විය යුතුය. එම පවුල්හි සාමාජිකයන්ට ත‍්‍රිදෝෂ කෝපවී පවතී. ඒනිසා ඉතා පහසුවෙන් ඔවුනට සුදු කබර සහ පොතුකබර ඇතිවිය හැකිය.

 වර්තමානයේ පාසල් දරුවන් අතරත් රෝග පැතිර යෑමේ ප‍්‍රවණතාවයක් දැකිය හැකිය. ඊට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඔවුන් දිනපතා ගනු ලබන වස විස සහිත ක්‍ෂණික ආහාර වර්ග රසකාරක යෙදූ ආහාර වර්ග වැඩිපුර ගැනීම නිසා රෝග මතුවීමට බලපාන බව අපගේ රෝග ප‍්‍රතිකාර අත්දැකීම් අනුව හඳුනාගෙන තිබේ.

 ප‍්‍රතිකාර

 මෙවැනි රෝග ඇති අය නිතර එළවළු, කොළ පැහැති ආහාර, පලතුරු ආදිය ආහාරයට එක්කරගත යුතුය. කෘත‍්‍රිම රසාකාරක යෙදූ පාන වර්ග වෙනුවට, පිරිසිදු ජලය, බෙලිමල්, රණවරා, කොළ කැඳවර්ග ආදිය පානයට යොමුවිය යුතුය. එවිට මතුව ඇති රෝග තත්ත්වය ඉක්මනින් සුව කරගත හැකිය.

 ආයුර්වේදයේද මේ සඳහා සාර්ථක ඖෂධ වර්ග ඇත. එම ඖෂධ නිසි ලෙස භාවිත කළහොත් සුදු කබර සහ පොදු කබර ඉතා ඉක්මනින් සුවර ගත හැකිය.

 නමුත් ඇතැම් පුද්ගලයින් නිසි ලෙස ඖෂධ භාවිත නොකිරීම නිසා රෝගය ඉක්මනින් සුවකර ගැනීමට නොහැකිව පසු තැවේ. විශේෂයෙන්ම බොහෝ රෝගීන් වෛද්‍යවරු ලබාදෙන ඖෂධ මාසයක් පමණ භාවිත කර ඉන් සුවයක් ලැබීම ආරම්භ වනවිට දැන් මට රෝගය සුවවී ඇතැයි කියා සිතමින් ඖෂධ ගැනීම නතර කරන අවස්ථා පවතී. ඒ අතර තවත් පිරිසක් මෙම රෝග සඳහා අපත්‍ය යැයි උපදෙස් දෙන ආහාර වර් ගනු ලබති. රෝගය සුව වනතුරු එම ආහාර නොගත යුතුය. එසේ නොවුවහොත් ලබාදෙන ඖෂධවල ගුණය විනාශ වේ. මෙවැනි වැරදි පිළිවෙත් අනුගමනය කරමින් බෙහෙත්වලින් ගුණයක් නැතැයි කියා පවසන පුද්ගලයින් ද අපට හමුවී ඇත. ඒනිසා නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කළහොත් ඉතා ඉක්මනින් සුදු කබර සහ පොතු කබර රෝග සුවපත් කරගත හැකිය.

සුදු කබර සහ පොතු කබරවලට බලපාන හේතු



 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment