සුදු සැරයටි දිනය සමරමු, දෘශ්‍යාබාධිතයන්ට පිහිට වෙමු

482

ඔක්තෝබර් මස 15 වැනි දිනට යෙදෙන ලෝක සුදු සැරයටි ආරක්ෂණ දිනය නිමිත්තෙනි.

ලෝක සුදු සැරයටි ආරක්ෂක දිනය දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන්වූ දිනයයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම සිටින දෘෂ්ටි ඌනතා පිරිසට ඔවුන්ගේ ආරක්ෂක භටයෙක් ලෙස සිටින්නේ මෙම සුදු සැරයටියයි.

කෙටියෙන් කිවහොත් සුදු සැරයටිය දෘෂ්ටි ඌනතා පුද්ගලයෙක්ට අත්‍යවශ්‍යම උපකරණයකි. මෙහි ආරම්භය සඳහන් කළහොත් ඇමරිකාවෙ ජනාධිපති (1964 දී) ලින්ඩන් බී ජොන්සන් විසින් සුදු සැරයටිය රැගෙන යන පුද්ගලයන් දැනුවත් කිරීමේ උත්සාහයක් ලෙස මෙසේ සුදු සැරයටි දිනය ආරම්භ කරන ලදී.

තාක්ෂණික දියුණුව තිබියදීත් දෘශ්‍යාබාධිත හෝ අන්ධ වූ මිලියන සංඛ්‍යාත මිනිසුන්ට තවමත් ස්වාධීනව හා ආරක්ෂිතව ගමන් කිරීමට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස දිගටම පවතින්නේ සුදු සැරයටියයි. එම නිසා ලෝක සුදු සැරයටි දිනය සෑම අවුරුද්දකම ඔක්තෝබර් 15 වැනි දිනට මෙසේ සමරනු ලැබයි.

සුදු සැරයටිය ආරක්ෂා කළ යුතු යැයි ප්‍රකාශ කරන අප ඒ පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බවද ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

සුදු සැරයටිය සුදු වුණේ කෙසේද…?

සුදු සැරයටිය සුදු වන්නේ ජෝන් ඒ bonham නිසාය. 1930දී peoria lions club හි සභාපති bonham අඳ මිනිසෙකු වීදිය හරහා යෑමට උත්සාහ කරන ආකාරය දෙස බලා සිටියේය. එම අඳ මිනිසාගේ සැරයටිය කුඩා වූ අතර මෝටර් රථ හිමියන්ට එය පෙනුණේ නැත. එබැවින් ඉදබය්ප විසින් ඒ මොහොතේ පටන් වඩාත් කැපී පෙනෙන ලෙස රතු තීරුවකින් සමන්විතව සැරයටිය සුදු පැහැති ආලේප කිරීමට යෝජනා කළේය. මෙම අදහස ඉක්මනින්ම රට පුරා පැතිර ගියේය. වර්තමානය වන විට සුදුසැරයටි අධි-තාක්ෂණික දියුණුවක් අත්කරගෙන ඇත. ඉන්දියාවේ, මහා බි්‍රතාන්‍යයේ හා ප්‍රංශයේ නව නිපැයුම කරුවන් අඩි නවයක් පමණ දුරින් ඇති බාධක හඳුනා ගන්නා අතිධ්වනි උපකරණ සහිත සුදුසැරයටි නිපදවා ඇත. එය හසුරවන පුද්ගලයන්ට ඔවුන්ගේ ගමන් මාර්ගයේ තිබෙන හා ඇතිවිය හැකි අනතුරු ගැන කල්තියා අනතුරු අඟවයි.

සුදු සැරයටිය යනු දෘශ්‍යාබාධිත අයගේ ස්වාධීනත්වයේ සංඛේතයකි. මෙහි වැදගත්කම පිළිබඳව ජනතාවට ඉගෙනීමට හා දැනුවත් කිරීමට සහ ස්වාධීනත්වයේ සංකේතය සැමරීමට මෙම දිනය කැඳවයි තවද, අප සුදු සැරයටියේ වටිනාකම ඉගෙනගත යුත්තේ අන්ධ ජනයා සමාජගතවී ජනතාව සාමාන්‍ය ජනතාව හා සමානාත්මතාවය යන සංකල්පය ළඟාකරගැනීම සඳහාය. මොවුන් සමාජගත කිරීමට නම් සාමාන්‍ය මිනිසුන් වන අප අඳ ජනයාගේ අවශ්‍යතාවන් හා ඔවුන්ගේ උපකරණ පිළිබඳව දැනුමක් ලබාගත යුතුය. එතුළින් ඔවුන්ට සහායවීමට අප එකිනෙකා සහාය වීම ඉතා වැදගත් වේ. අන්ධ ජනයාද යම් අධ්‍යාපන මට්ටමකින් දියුණු සාමාන්‍ය පුරවැසියන්ය. ඔවුන්ට අවශ්‍ය සියලුම දෑ ළඟාකරගැනීම සඳහා සමාජය විසින් උදව් කිරීම යුතුකමකි.

තාක්ෂණික දියුණුව තිබියදීත්, දෘෂ්‍යාබාධිත හෝ අන්ධ වූ මිලියන සංඛ්‍යාත මිනිසුන්ට ස්වාධීනව සහ ආරක්ෂිතව ගමන් කිරීමට සුදු සැරයටිය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස තවත් කාලයක් දිගටම පවතිනු ඇත. සෑම වසරකම ඔක්තෝබර් 15 වන දින අපි සුදු සැරයටි ආරක්ෂණ දිනය සමරන්නෙමු, එය සංචලතාව, ස්වාධීනත්වය සහ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස සුදු සැරයටියේ වැදගත්කම ඉස්මතු කරයි. එසේම, බිම් සලකුණු භාවිත කරන ආකාරය සහ නිවසේ සිට රැකියාවට වැනි නිතර ගමන් කරන ස්ථානවලට අදාළව මාර්ග පිහිටුවීම ඉතා වැදගත් බවද සිහිපත් කරනු කැමැත්තෙමු.

සුදු සැරයටියක ප්‍රයෝජන
බාධා හඳුනා ගැනීම –

භූමියේ වෙනස්කම් හඳුනාගන්න (පදික වේදිකාවේ ඇති ඉරිතැලීම්, බිමට ටයිල්ද, බිමට කාපට්ද ආදිය), දිශානතිය සඳහා බිම් සලකුණු ස්ථානගත කිරීම, බැසීම් ඇති තැන් ගැන අනතුරු අඟවන්න (මැද, පඩිපෙළ, ආදිය), දෘශ්‍යාබාධිත වෙනත් අය හඳුනාගැනීම, පරිසරයෙන් ශ්‍රවණ ප්‍රතිපෝෂණ ලබා දෙන්න, අන්ධ හෝ දෘශ්‍යාබාධිත කෙනෙකුට සුදු සැරයටියක් භාවිත කිරීමේ සිතුවිල්ල බිය උපදවන අතර එය ජය ගැනීම දුෂ්කර අභියෝගයක් විය හැකිය. කෙසේ වෙතත්, සුදු සැරයටිය භාවිත කිරීමෙන් ජීවිතය ධනාත්මක ලෙස වෙනස් කළ හැකි අතර, ඔබ හෝ ඔබ දන්නා අයෙකු වැඩිදුර ඉගෙනීමෙන් ප්‍රයෝජන ගන්නේ නම් දිශානතිය සහ සංචලතා විශේෂඥයෙකු වෙත ළඟා විය යුතු බවට මා තරයේ නිර්දේශ කරමි.

පෙනීම අහිමි පුද්ගලයන්ට ස්වාධීනත්වය, ආරක්ෂාව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාර වන සම්පත් සහ සේවාවන් වෙත ඔබට මග පෙන්වීමෙන් උදවු උපකාර කළ හැක. ඒ සඳහා පලපුරුදු විශේෂිත සම්පත් දායකත්වය ලබාදීම හා මග පෙන්වීම තුළින් අන්ධ හා දෘෂ්‍යාබාධිත අය ස්වාධීන කිරීම අපගේ අරමුණයි. සුදු සැරයටියේ වටිනාකම සමාජ ගතකිරීම තුළින් පෙනීම අහිමි පුද්ගලයන්ට ශක්තියක් වෙමු.

සුදු සැරයටි දිනය සමරමු, දෘශ්‍යාබාධිතයන්ට පිහිට වෙමු

ආචාර්ය ආශා දිල්රුක්ෂි පෙරේරා
විශේෂ අධ්‍යාපනවේදිනි හා මනෝවිද්‍යා උපදේශිකා
සභාපති – සමගි විශේෂ අවශ්‍යතා අත්වැල් පදනම

advertistmentadvertistment
advertistmentadvertistment