සුනඛයකුට පොරවකින් කොටමින් වධදුන් තරුණයෝ තිදෙනා අත්අඩංගුවට

861

සුනඛයෙකු අල්ලාගෙන ඌට පොරවකින් කොටමින් දැඩි ලෙස හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් යාපනයේ පුංගුඩුතීව් ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු කයිට්ස් පොලීසිය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණයන් තිදෙනා සුනඛයා අල්ලා ගැනීමේ සිට මරා වළ දමන අවස්ථාව දක්වා දර්ශන පෙලක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒ ඔස්සේ පොලිසියට ලැබුණු තොරතුරු මත සිද්ධියට සම්බන්ධ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සුනඛයා මරා දමන අවස්ථාව වීඩියෝ කළ හා ඡායාරූප ලබාගත් ජංගම දුරකතනයද පොලිසිය විසින් සොයාගෙන එයද අත්අඩංගුවට ගෙන ඇත.

මේ ක්‍රියාවට සම්බන්ධ ප්‍රධාන තරුණයා පොලිසියට බියෙන් පළාතෙන් පලා ගොස් ඇති අතර ඔහුවද පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment