සුනඛයන් ඉවත් කිරීම ලෙහෙසි පහසු නැහැ

439

බිම් බෝම්බ සෙවීමේ කාර්යය වෙනුවෙන් බල්ලන් යොදා ගැනීම පිළිබඳව සාර්ථක ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසාම බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යන් වෙනුවෙන් මීයන් යොදාගත් අවස්ථාවන් ගැනත් අතීත වාර්තාවන් තිබෙනවා.

යුක්රේනයේ සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් බිම් බෝම්බ සොයා දුන් ‘ පේට්‍රෝන්” නැමැති නිල සුනඛයා වෙනුවෙන් පදක්කම් ප්‍රදානය පසුගිය දිනක සිදු වුණා.

ජැක් රසල් ටෙරියර් වර්ගයේ මෙම සුනඛයා විසින් බිම් බෝම්බ දෙසියකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ප්‍රේටෝන්ගේ අයිතිකරු වන Mykhailo Iliev විසින් මෙම බලු පැටවා මිලදී ගෙන ඇත්තේ ඔහුගේ පුතාගේ සුරතලෙකු ලෙසින්ය. පසුව මෙම පැටියා යුක්රේනයේ නිල සුනඛ සේවාව විසින් අයිතිකරු විසින්ම ලබා දී තිබේ. වයස අවුරුදු දෙකහමාරක් වන ප්‍රේට්‍රෝන් බිම් බෝම්බ වළලා ඇති ස්ථාන මැනවින් හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්තයි. මේ වෙනුවෙන් බල්ලා පමණක් නොව රැකවරණය සහ පුහුණුව ලබා දෙන හමුදා නිලධාරියාද ඇගයුමට ලක් විය. මෙම නිල උත්සවය යුක්රේනයේ කිව් අගනුවර එරට ජනාධිපති ව්ලොදිමර් සෙලෙන්ස්කිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. උත්සවය කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝද සහභාගි වූ අතර “පේට්‍රෝන්” සුරතල් කිරීමට අගමැතිවරයාද අමතක කළේ නැත. පේට්‍රෝන් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ චීස් ආහරයට ගැනීමටයි. අගමැති ටෘඩෝගේ කලිසම් සාක්කුවේ චීස් කැබැල්ලට ප්‍රේට්‍රෝන් ඉව ඇල්ලූ විගසින්ම අගමැතිවරයාට සිනහ පහළ වුණා.

● රෝග නිමිති හඳුනා ගැනීමට

බල්ලන්ගේ හැසිරීම අළලා අධ්‍යයනයේ යෙදෙන විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට මිනිස් සහ සෞඛ්‍යය සහ ජීවිතය සමබර ලෙසින් පවත්වා ගැනීම වෙනුවෙන් බල්ලන් සතුව ඇති හයවන ඉන්ද්‍රිය වෙතින් විශාල පිටුවහලක් ලැබෙන බව දැන් සනාථව ඇත. මේ නිසා අපස්මාර රෝග තත්ත්වයේදීත් බල්ලන්ගේ සහය ලබා ගෙන රෝග තත්ත්වය නිසා ඇති වෙන අතුරු සංකුලතාවයන් මඟහරවා ගත හැකි බවට ෆොලරිඩා විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොගර් රිප් සඳහන් කරයි.

පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් ඇඩල්සන් සඳහන් කරන අන්දමට අපස්මාර අවස්ථාවේදී ආවේග සම්ප්‍රේෂණ ස්නායු ක්‍රියාකාරීත්වය වර්ධනය වී විද්‍යුත් වෙනස්වීම වේගවත් වෙන විට එම ශක්තිය හඳුනාගැනීමේ හැකියාව බල්ලන්ට ඇත. අපස්මාර තත්ත්වයට පත්වීමට පෙරාතුව මිනිසුන් වෙතින් පෙන්නුම් කරන රැස්මාලාව AURA තේරුම් ගැනීමට අපහසු වුණත් බල්ලන්ට මෙම රැස්මාලාව හඳුනා ගැනීමේ ලබා දෙනු ඇත. මෙම රශ්මිය මිනිත්තුවක්වත් රැඳී නොතිබෙන අතර බල්ලන්ට මෙම තත්ත්වය විනාඩි පහක සිට පැයක කාලයේදී තේරුමට හැකියාව ලැබෙනු ඇත.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment