සුනිල් නාරායන් කෝලිගේ අවසන් නායකත්වයට පරාජය ගෙන එයි

564

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට විරාත් කෝලි විසින් නායකත්වය ලබාදුන් අවසන් තරගය පරාජයකින් කෙළවර කරමින් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ පෙරේදා (12 දා) පැවැති තරගයෙන් රෝයල් පිලට කඩුලූ 6 ක පරාජයක් උරුම විය.

 ඒ අනුව කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද (13 ද) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට සුදුසුකම් ලැබූ අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 15 වැනිදා චෙන්නයි සුපර් කිංග්ස් සමග අවසන් මහා තරගයට කී‍්‍රඩා කිරීමට නියමිතය.

 රෝයල් චැලෙන්ජර් කණ්ඩායමට තරග 140 කදී නායකත්වය ලබාදී ඇති විරාත් කෝලී ඉන් තරග 64 ක් තම කණ්ඩායම ජයග‍්‍රහණය සඳහා මෙහෙයවා ඇති අතර තරග 69 ක් ඔහු යටතේ පරාජයට පත්වී ඇත.

 මෙවර අයිපීඑල් තරගාවලියේ දෙවැනි වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ලෙස කල්කටා සහ බැංගලෝර් අතර තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම රැුස් කළ ලකුණු 138 කල්කටා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී පසුකර ගියේය.

 එහිදී කල්කටා කණ්ඩායමේ සුනිල් නාරායන්, කෝලි, ඩිවිලියර්ස් සහ මැක්ස්වෙල් ඇතුළු කඩුලූ 4 ක් දවා ගත් අතර තරගයේ වීරයා සම්මානයද නාරායන්ට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment