සුනීතා විජේසූරියට ලෝක චෙස් සම්මේලනයෙන් සම්මානයක්

299

30 වැනි FIDE ලෝක චෙස් 1992 ශූරතාවලියේ රන් පදක්කම්ලාභී සුනීතා විජේසූරිය ආසියාවේ චෙස් ක්‍රීඩාවේ කැපී පෙනෙන ක්‍රීඩාව වෙනස් කරන්නා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. කාන්තා චෙස් වසර ලෙස ජාත්‍යන්තර චෙස් සම්මේලනය විසින් නම්කර ඇති මෙම වසරේදී කාන්තා චෙස් ක්‍රීඩිකාවන්ගේ ක්‍රියාකාරි ශක්තිය ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ සම්මාන උළෙලකදී ශ්‍රී ලංකාවේ සුනීතා විජේසූරිය මෙලෙස සම්මානට ප්‍රත්‍ර වී තිබේ.

 සුනීතා විජේසූරිය 1979දී සිය චෙස් ක්‍රීඩාව ආරම්භ කළ අතර එම වසරේදීම සමාරම්භක කාන්තා ජාතික චෙස් ශූරතාවලියේදී දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වූවාය. 1998 වසර දක්වා ක්‍රියාකාරි චෙස් ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කළ සුනීතා වසර 10ක් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරතාවට හිමිකම් කීමට සමත්වී තිබේ.

 1992 වසරේදී පිලිපීනයේ පැවැති FIDE  ලෝක චෙස් ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී ඇති සුනීතා විජේසූරිය එම දස්කම කළ පළමු ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩිකාව වේ.

advertistmentadvertistment
advertistmentadvertistment