සුනෙත් උදයරත්නගේ හදවත රත්තරන් හෙට

66

සුනෙත් උදයරත්නගේ හදවත රත්තරන් නමැති කුළුඳුල් ගීත එකතුව එළිදැක්වීම හෙට (07 වැනිදා) මහරගම යූත් සෙන්ටර්හිදී පැවැත්වේ. මෙම ගීත එකතුව එළිදැක්වීමට සමගාමීව ජෝතිමත් ගීත රාත්‍රිය හදවත රත්තරන් නමින් ප්‍රසංගයක්ද සංවිධානය කර ඇත.

මෙම ප්‍රසංගය ගැන සුනෙත් ‘දිවයින’ සිනමා කලා වෙත මෙලෙස අදහස් දැක්වීය.

සුනෙත් උදයරත්නගේ හදවත රත්තරන් හෙට

මම මේ ප්‍රසංගය පවත්වන්නේ හෙට (07 වැනිදා). මගේම ගීත එකතුවක් තමයි එළිදක්වන්න සූදානම් වන්නේ. මේ ගීතවලින් රැසක්ම සංගීතය සහ පද රචනය චමිඳු එස්. බණ්ඩාරගේ. මම මේ ගීත එකතුවට ගීතයක් කළා ජෝතිපාල මහත්මයාට උපහාර වශයෙන් හදවත රත්තරන් කියලා. ඉතිං අපි මේ ප්‍රසංගයට නම යොදලා තියෙන්නේ හදවත රත්තරන් කියලා. මම මිනිස්සු අතරට ගියේ ජෝතිපාල මහත්මයාගේ ගීතවලින්. ඒක හින්දයි මම මේ ප්‍රසංගයට හදවත රත්තරන් කියලා දැම්මේ. මේ ප්‍රසංගයට සංගීතයෙන් දායක වෙන්නේ දෙරණ ඩී්‍රම් ස්ටාර් සංගීත වැඩසටහනට සහභාගි වෙන සංගීත කණ්ඩායම. මෙම ප්‍රසංගයට මගේම ස්වතන්ත්‍ර ගීත පහළොවක් විතර ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment