සුපර් රේසිං ශූරයා යුද හමුදාවේ නිරාන් – ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’

98

නෙස්ලේ ලංකා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ පසුගියදා පැවැත්විණි. එ් අනුව තරුණ කටයුතු සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම තරගාවලියේ සුපර් රේසිං කාණ්ඩයේ ශූරතාව හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිරාන් පසිඳු සමත්විය.

කොළඹ විහාරමහදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී ආරම්භ වූ තරගාවලියේදී සුපර් රේසිං කාණ්ඩය කිලෝ මීටර් 40කින් සමන්විත විය. එහි දෙවැනි ස්ථානය ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ අවිශ්ක මැඩොන්සා විසින් දිනා ගැනීමට සමත් වූ අතර තෙවනි ස්ථානය ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිදුෂ් නිරන්ත විසින් දිනා ගත්තේය.

‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ ඉසව් 7කින් සමන්විත වූ අතර විවෘත අංශයට අමතරව පිරිමි බාලක, කාන්තා විශිෂ්ට කාණ්ඩය, පිරිමි අවුරුදු 23න් පහළ, පිරිමි විශිෂ්ට කාණ්ඩය, පිරිමි අවුරුදු 40න් ඉහළ සහ පිරිමි අවුරුදු 50න් ඉහළ යන ඉසව් වලින් සමන්විත විය.

කසුන් රණවීර

ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment