‘සුපර් ලීග් කුසලාන’ ප‍්‍රදානය 20වෙනිදා

118

මෙරට තුළ ක‍්‍රියාත්මක වූ ප‍්‍රථම වෘත්තීය ක‍්‍රීඩා සමාජාන්තර පිරිමි පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලද කළුතර බ්ලූ ස්ටාර්ස් පිලට හිමි රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාගය සමගින් ‘‘සුපර් ලීග් කුසලාන” ප‍්‍රදානය බ‍්‍රහස්පතින්දා (20* සිදු කිරීමට සංවිධායකයන් වූ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

එදින පස්වරු 7.00 ට තලවතුගොඩ පිහිටි ග‍්‍රෑන්ඞ් මොනෑක් ඉම්පීරියල් හෝටලයේ දී පවත්වන මෙම අවස්ථාව සඳහා මෙවර සුපර් ලීග් තරගාවලියට සහභාගි වුණු ක‍්‍රීඩා සමාජ 10 නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වීමට නියමිතය.

ශූරතාවය දිනා ගත් බ්ලූ ස්ටාර්ස් පිලට අමතරව අනු ශූරයන් වූ සී හෝර්ක්ස් සමාජය සහ දෙවන අනු ශූරතාව තහවුරු කර ගත් කොළඹ පාපන්දු සමාජය මෙම උත්සවයේදී තමන්ට හිමි මුදල් ත්‍යාග ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටි සෑම කණ්ඩායමකටම මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.

කොළඹ රිනවුන් ක‍්‍රීඩා සමාජය, නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සමාජය, පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය, ඩිෆෙන්ඩර්ස් සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය, කොළඹ රත්නම් සමාජය සහ බ්ලූ ඊගල්ස් සමාජය එහිදී මුදල් ත්‍යාග ලබන සෙසු කණ්ඩායම් වෙති.

කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටිය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අනු ශූරතාව දිනා ගන්නා ලද සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් සමන්විත වූ  ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන්හට වර්ණ ප‍්‍රදානය කිරීමද මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම ඔවුන්ට හිමි තිළිණ සහ මුදල් ත්‍යාග එහිදී පිරිනැමීමට ජස්වර් උමාර් මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment