සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 08 වැනි සතිය අද ඇරැඹේ

114

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක‍්‍රියාත්මක සුපර් ලීග් ක‍්‍රීඩා සමාජාන්තර පාපන්දු තරගාවලියේ 08 වැනි සතියේ තරග ආරම්භ කරමින් ඩිෆෙන්ඩර්ස් සහ රෙඞ් ස්ටාර්ස් සමාජය අතර සටන අද (06 වැනිදා) ප:ව: 03.30 ට කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම සතියට අයත් තරග 03 ක් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇති අතර කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී තවත් තරග 02 ක් ක‍්‍රියාත්මක කෙරේ.

මෙම සතියට සැලසුම් කර ඇති තරග පහත දැක්වේ.

2022.01.06

රෙඞ් ස්ටාර්ස් සහ ඩිෆෙන්ඩර්ස් ප:ව: 03.30 (සුගතදාස පිටිය)

2022.01.07

රත්නම්ස් සහ සී හෝර්ක්ස් ප:ව: 03.30 (තුරඟ තරග පිටිය)

රිනවුන් සහ අප් කන්ටි‍්‍ර ලයන්ස් ප:ව: 03.30 (සුගතදාස පිටිය)

නිව් යංග්ස් සහ බ්ලූ ස්ටාර්ස් සමාජය ප:ව:07.30 (සුගතදාස පිටිය)

කොළඹ සහ බ්ලූ ඊගල්ස් ප:ව: 07.30 (තුරඟ තරග පිටිය)

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment