සුපර් සික්ස් ලයිව් ඉන් කොන්සර්ට් 28 වැනිදා

65

ජනප්‍රිය ගායක ගායිකාවන් හය දෙනෙකු ගී ගයන ‘සුපර් සික්ස් ලයිව් ඉන් කොන්සර්ට්’ මෙම 28 වැනිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. විජය බණ්ඩාර වැලිතුඩුව, මර්සලින් පතිරණ, ඉන්ද්‍රජිත් දොලමුල්ල, අජිත් මුතුකුමාරණ, ලක්ෂ්මන් හේවාවිතාරණ සහ මංජුලා දිල්රුක්ෂි මෙම ප්‍රසංගයේදී ගී ගයති.

මින් ලැබෙන ආදායම යොදා ගනු ලබන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙහිවත්ත මහ විදුහලට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම සඳහා බව සංවිධායකයින් පවසයි. අයිසල් රිච් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන “SUPER SIX” – Live in Concert ප්‍රසංයේ සංගීතය – රිවර්බ් සහ නර්තනය ආෂි විත් බාලි විසින් ද කථනය ලහිරු මයුරජිත් විසින්ද සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment