සුපිරි අටේ කණ්ඩායම් කාණ්ඩ දෙකකට

219

පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහිදී පළමු කාණ්ඩයට ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඇතුළත් වන අතර දෙවන කාණ්ඩයට දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයත් වෙයි.

සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 8 නිල වශයෙන් තේරී පත්ව තිබීමෙන් පසුව පළමු සහ දෙවැනි කාණ්ඩයන් යටතට ඔවුන් පත්වී ඇත.
A කාණ්ඩය යටතේ ඉන්දීය කණ්ඩායම සහ ඇමෙරිකා කණ්ඩායමත් B කාණ්ඩයෙන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එමෙන්ම C කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායමත් D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායමත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

නවසීලන්ත, ශ්‍රී ලංකා සහ පාකිස්ථාන යන කණ්ඩායම් මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment