සුපිරි ජයක් සමඟ එංගලන්තය පැන්න පිම්ම

340

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර අද (23) පැවැති තරගය කඩුලු 10කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දුනි.ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 18.5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය.ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු ඕවර 9.4කදී කිසිවෙක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 83යි.මෙම ජයග්‍රහණයත් සමගම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment