සුපිරි ටෙනිස් ක‍්‍රීඩක ඇලෙක්සැන්ඩර්ට තරග තහනමක්…

236

ජර්මනියේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් හට සති 8ක තරග තහනමක් සහ ඩොලර් 25000ක දඩයක් පැනවීමට තීරණය වී තිබේ. තරගයක් අවසානයේදී එහි විනිසුරුවරයකුට බැණ වැදීම සහ ඔහුගේ අසුනට පහරදීම හේතුවෙන් මෙම තහනම සහ දඩ මුදල පනවා තිබේ.

ටෙනිස් යුගල තරගයකදී ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් සහ මාසෙලෝ මෙලෝ තරග වට 2-0ක් ලෙස ලොයිඞ් ග්ලාස්පුල් සහ හැරී හෙලියොවාරා හමුවේ පරාජයට පත්විය. පරාජයෙන් අනතුරුව ස්වෙරෙව් තරගයේ විනිසුරුවරයාට බැණ වදිමින් ඔහුගේ ආසනයට පහර දී තිබේ. මෙම සිදුවීම හේතුවෙන් ස්වෙරෙව් එම තරගාවලියෙන් ඉවත් කර ඇති අතර සති 8ක තරග තහනමක් සහ ඩොලර් 25,000 දඩයක් නියම කර තිබේ.

ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ පසුවෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත්, ඒ සම්බන්ධයෙන් විනිසුරුවරයාගෙන්, ක‍්‍රීඩා ලෝලීන්ගෙන් සහ තරග සංවිධායකයින්ගෙන් සමාව අයැද සිටින බවත් ස්වෙරෙව් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment