සුපිරි ටෙනිස් තරු විම්බල්ඩන් තීරණයට දොස් නගති

421

රුසියාව විසින් යුක්රේනය තුළ සිදුකරමින් සිටින ආක්‍රමණකාරී ක්‍රියා හේතුවෙන් රුසියානු සහ බෙලරුසියානු ටෙනිස් ක්‍රීඩකයන්ට විම්බල්ඩන් ටෙනිස් පිටිය තහනම් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ලොව ප්‍රකට ටෙනිස් ක්‍රීඩකයෝ දෙදෙනෙක් වන රෆායල් නඩාල් සහ නොවැක් ජොකොවික් ප්‍රකාශ කරති.

ප්‍රධාන පෙළේ ටෙනිස් ශූරතාවයන් 21 වතාවක් ජයග්‍රහණය කර ඇති ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ සර්බියාවේ නොවැක් ජොකොවික් මේ විරෝධතාවය ප්‍රකාශ කර සිටියේ මැඩ්රීඩ් ටෙනිස් තරගාවලිය අතරතුරදීය.

‘මගේ රුසියානු ටෙනිස් මිතුරන්ට මගේ කනගාටුව පළ කරනවා. ආණ්ඩුව යුද්ධ කරාට ඔවුන් වගකියන්න ඕනෑ නැහැ. අපේ ආණ්ඩුවෙන්ද මේ සම්බන්ධයෙන් බලපෑම් කළේ නැහැ. ඒත් විම්බල්ඩන් බලධාරීන් තමයි මේ අසාධාරණ තීන්දු ගත්තේ.’ යැයි නඩාල් එහිදී ප්‍රකාශ කර තිබුණි.

මම විම්බල්ඩන් තීරණයට එකඟ නැහැ. එය අසාධාරණයි. විනිවිදභාවයක් නැහැ. මෙය නිවැරදි තීරණයක් නොවේ යැයි නොවැක් ජොකොවික්ද ප්‍රකාශ කර සිටින්නේය.

සුප්‍රසිද්ධ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය ලබන මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment