සුපිරි තරු වෙනුවට සැබෑ තරු තෝරන ‘ස්ටාර් පාටි’… දකුණු ආසියාවේ ප්‍රථම හා විශාලම තාරකා විද්‍යා තරගාවලිය

298

2004 වසර ස්වදේශීය තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයේ ආකර්ෂණීය සටහනක් තැබූ වසරක් බවට පත් වන්නේ Star Party නම් වූ සංකල්පය අනුව එය ප‍්‍රායෝගිකව සමාජයට නිරාවරණය කළ නිසාවෙනි. මෙම කීර්තිමත් වැඩසටහන දකුණු ආසියාවේ ප‍්‍රථම හා විශාලතම නිරීක්ෂණ තාරකා විද්‍යා තරගාවලිය වූ අතර එය නමින් ”Star Party SriLanka” වේ. මංගල තරගාවලියේ සිට වසර 17ක් මුළුල්ලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය භූමියේ පැවැත්වූ මෙම Star Party තරගාවලිය සඳහා ජවය සපයන්නේ ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් පාසල් යුගලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය හා මහාමායා බාලිකා විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමයයි. එය වසර 17ක ඓතිහාසික සහයෝගීතාවයකින් ඉදිරියටම ගමන් කරන ලොව පුරා සුප‍්‍රසිද්ධ තරගාවලියකි.

දිවයින පුරා පාසල් 150 කට වඩා වැඩි පිරිසක් සහභාගි වන මෙම වැඩසටහන තාරකා විද්‍යාව සඳහා උද්යෝගිමත් සිසුන්ගේ
ප‍්‍රායෝගික හා නිරීක්ෂණ කුසලතා මෙන්ම ඔවුන්ගේ විෂයාන්තර දැනුම ද උරගා බලන ඇගයීම් කරනු ලබන පෙර නොවූ විරූ අත්දැකීම් ලබාදෙන අපූරු තරගාවලියකි. සම්ප‍්‍රදාය අතික‍්‍රමණය කරන ලද නවමු සංස්කෘතියක් ශ‍්‍රී ලාංකික සිසුන්ට හඳුන්වා දුන් තරගාවලියකි. අගනුවරට පමණක් සීමා වූ තාරකා විද්‍යාව දිවයින පුරා පාසල් සිසුන් අතර ද ප‍්‍රචලිත කිරීමට හැකි වූයේද Star Party |Sri Lanka මගින් සියලූම තරඟකරුවන් ලැබූ පන්නරයයි. පුරා 17 වසරක් මුළුල්ලේ සංවිධානය කළ Star Party Sri Lanka තරඟාවලිය 2021 වසරේ ද 18 වන වරටත් ඔබ හමුවට අපි ගෙන එන්නෙමු. අවාසනාවන්ත Covid-19 අධිවසංගතය නිසාවෙන් වෙනදා මෙන් හන්තාන සුළං දැවටෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූමියේ නොවුණොත් මාර්ගගත ආකාරයට Star Star Party’21|Cyberspace යන නමින් ළඟදීම ඔබ වෙනුවෙන් දැල්වෙනු ඇත. පෙරට වඩා සුවිශේෂී වූ අත්දැකීම් සමුදායක් මෙවරත් තාරකා විද්‍යාව හදාරන දේශීය මෙන්ම විදේශීය සිසුන් වෙනුවෙන් මග බලා සිටී. Star Party Sri Lanka ඉතිහාසයේ ප‍්‍රථම වරට ජාත්‍යන්තර සිසු ප‍්‍රජාවට ද තරග කිරීමට අවස්ථාව සලසමින් තරගාවලිය තවත් පුළුල් කරමින් ශක්තිමත් අන්තර්ජාතික සබඳතාවන් ඔස්සේ ආකර්ෂණීය තරගකාරී මාර්ගගත පරිසරයක සිට තරඟකරුවන්ගේ ඇගයීම් සිදු කිරීමටත් සියලූම කටයුතු සූදානම් කර ඇති බව අපි දන්වමු.

වෙනත් තරග හා සසඳන කල Star Party SriLanka සුවිශේෂී වන්නේ අධ්‍යාපනය හදාරන සිසුන්ගේ දැනුම කුසලතා පමණක් නොව ඔවුන්ගේ සාමාජීය කුසලතා ද වැඩි දියුණු කරමින් නීතිගරුක විනයගරුක සදාචාරවත් පුරවැසියෙක් බවට ද කණ්ඩායම් හැඟීමෙන් යුතු එකමුතු ක‍්‍රියාශීලී පුරවැසියෙක්ද බිහිකිරීමෙහිලා සැදී පැහැදී සිටින බැවිනි. ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන්වලට අනුකූලව පවත්වනු ලබන අන්තර්ජාතික අභ්‍යවකාශ හා තාරකා විද්‍යා සංවිධානවල අධීක්ෂණය යටතේ ඉහළ ගුණාත්මයකින් යුතුව පවත්වනු ලබන ඔවුන් විසින් අනුමත කරන හා තහවුරු කරන ලද තරගාවලියක් වීමද එලෙස සුවිශේෂී වීමට තවත් හේතුවකි. එමෙන්ම තරගකරුවන්ට ලබාදෙන සහතික පත් පවා අන්තර්ජාතික වශයෙන් ලොව ඕනෑම තැනක පිළිගැනීමක් සහිත වූ සහතික පත් වන අතර ඉහළ ගුණාත්මයෙන් යුතු ලකුණු ලබා දෙන පටිපාටියකින් යුත් දකුණු ආසියාවේ එකම තරගාවලිය Star Party SriLanka බවද අපි නිහතමානීව ප‍්‍රකාශ කරන්නෙමු.

2009 වසරේදී Star Party SriLanka තරගාවලිය තවත් යෝධ පිම්මක් ඉදිරියට International Year of Astronomy(IYA) මගින් එම වසරේ ශ‍්‍රී ලංකාවේ ජාතික තාරකා විද්‍යා වැඩසටහන බවට නම් කිරීමත් සමගිනි. තවද 2014 වසරේදී 10 වන සංවත්සරය සමරන විට Space Generation Advisory Council (SGAC), United Nations Office for Outer Space Affairs (UNOPSA), International Astronomical Union (IAU) Astronomers Without Borders (AWB) යන අන්තර්ජාතික සංවිධානවල අධීක්ෂණය යටතේ සිදු කරන ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් යුත් Star Party තරඟාවලියක් බවටද පත් වූයේ එහි ඉහළ ගුණාත්මක බව නිසාමය. තව තවත් ප්‍රෞඪ සාර්ථකත්වයකට හිමිකම් කියමින් ඉදිරියටම ගමන් කළ අප 2017 වසරේදී එදා මෙදා තුර වූ විශාලතම තරගකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ පාසලක් මගින් සංවිධානය කරන එකම තරගාවලිය බවටද පත් වූයේ එහි ප්‍රෞඪ සාර්ථකත්වය ලොවටම විදහා දක්වමිනි.

නිරීක්ෂණ තරඟාවලිය, spot test හා viva test, වැඩමුළුව හා තාරකා ඡායාරූපකරණ තරඟයකින් ද සමන්විත වන Star Party SriLanka තරගාවලිය 2021 වසරේදී මීට වඩා වෙනස් අයුරකින් පැවැත්වෙනු ඇත. විදේශීය රටවල පැවැත්වෙන Star Party වැඩසටහන්වලට වඩා බෙහෙවින්ම වෙනස් වූ සෑම සිසුවෙකුටම සහභාගී විය හැකි නොමිලේ පවත්වන අසමසම තරගාවලියක් වන Star Party SriLanka තරගය එහි ශූරයින්ට පුළුල් පරාසයක් ඔස්සේ කුසලාන මෙන්ම සහතික පත් පිරිනමන්නේ තව තවත් ශිෂ්‍ය ප‍්‍රජාව අගයමින් උනන්දු කිරීමටත්ය. මෙම අතිවිශාල වූ තරඟාවලියට ජවය සපයන්නා වූ පාසල් සංගම් යුගලයද දේශීය තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා දක්වන කැපවීම අතිමහත්ය. ශ‍්‍රීමත් ආතර් සී.ක්ලාක් අනුස්මරණ අභියෝගතා කුසලානය Constellatio, Galileo, Astrophilezs, Appulse Astronmy නම් වූ වැඩසටහන් විශාල ප‍්‍රමාණයක් දැයට විවෘත කරමින් ආනන්දීය තාරකා විද්‍යා සංගමය තම පාසලට මෙන්ම මවුබිමටද කීර්තිය අත්පත් කර දීමට දිවිහිමියෙන් කටයුතු කරන අතර මහාමායා බාලිකා විද්‍යාලය තාරකා විද්‍යා සංගමය ද තවත් විශිෂ්ට වූ කර්තව්‍යයක නියැලී සිටින Asteri ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලිය, Stellato ප‍්‍රශ්න විචාරාත්මක තරගාවලිය, රාත‍්‍රී අහස නිරීක්ෂණ කඳවුරු ඇතුළු බොහෝ වැඩසටහන් සංවිධානය කරන තවත් පාසල් සංගමයකි. තම පෞද්ගලික අවශ්‍යතා ඉවතලා Star Party SriLanka තරඟාවලිය මූලාරම්භයේ සිටම සංවිධානය කළ හා මෙවරත් සංවිධානය කරනු ලබන සංවිධායක මණ්ඩලයේ දූදරුවන් ද තම පාසල හා මව්බිම වෙනුවෙන් සමාජයීය අධ්‍යාපනය වෙනුවෙන් දේශීය සිසු ප‍්‍රජාව වෙනුවෙන් කැපවෙන අභීත විරුවන් පිරිසක් බව නොවළහා කියා සිටිය යුතුය.

එබැවින් 2021 වසරේදීද තවත් අති සාර්ථක Star Party තරගාවලියක් බවට පත් කිරීමට ඔබටද ඊට සහයෝගය ලබාදෙමින් මෙම අමිල කර්තව්‍යයට දායක විය හැකිය. තවද Star Party’21 Cyberspace|Sri Lanka තරගාවලියේ සංවිධායකයන් වන ආනන්දීය තාරකා විද්‍යා සංගමය හා මහමායා බාලිකා විද්‍යාලය තාරකා විද්‍යා සංගමය සියලූම පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන්ට ඉමහත් ගෞරවයෙන් යුතුව කියා සිටින්නේ මෙම කාර්යය සාර්ථක කරගැනීමට ඔබේ වටිනා දායකත්වය ද ලබා දෙන ලෙසයි. සියලූම මූල්‍යමය දායකත්වයන් වෙනුවෙන් ඊට අදාළ ප‍්‍රවර්ධනයන් ද සංවිධායක මණ්ඩලය විසින් නොපිරිහෙලා ඉටු කිරීමට සූදානම් බවත් තවදුරටත් ඔවුන් දන්වා සිටින්නේ දේශීය මෙන්ම විදේශීය සිසුන් 1000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් Star Party.21 ක්‍හඉැරිච්ජැඳීරස ඛ්බන් තරගාවලියේ සමාරම්භය සිදුවන බවයි.

සියලූම දායකත්වයන් සඳහා විමසීම් [email protected]/[email protected] ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment