සුපිරි ලීගයේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අද

111

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් එක්දින තරගය අද (31 වැනිදා) නවසීලන්තයේ හැමිල්ටන් හි සෙඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගයේ දී ලද පරාජය ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේ සුදුසුකම් ලැබීමට අවශ්‍ය ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ප්‍රබල බාධකයක් වූ අතර දෙවැනි තරගය වර්ෂාවෙන් සේදීයෑම ද ශ්‍රී ලංකාවට තවත් පාඩුවක් විය. ලෝක කුසලාන සුපිරි ලීගයේ නවතම යාවත්කාලීනයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඉහළ ගොස් සිටියද 9 වැනි ස්ථානයේ රැඳී සිටියි. අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට 9 වැනි තැනට ඇද දැමීමට අවස්ථාව උදාවන අතර එහිදී දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය ඉදිරි තරග වලදී දක්වනු ලබන දක්ෂතා අනුව ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන තීරණය වනු ඇත. කෙසේ වෙතත් අද තරගයෙන් ජයගත හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය 1-1 වශයෙන් සම මට්ටමට ගෙන ඒමට හැකියාව ඇත.

අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

  • 1. පැතුම් නිස්සංක, 2. නුවනිඳු ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. චරිත් අසලංක, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. දසුන් ශානක (නායක), 8.චාමික කරුණාරත්න, 9. ළහිරු කුමාර, 10. කසුන් රජිත, 11. මතීෂ පතිරණ. (ඩිල්ශාන් මධුසංඛ)

නවසීලන්තය – 1. හෙන්රි නිකොලස් 2. චැඩ් බෝව්ස්, 3. විල් යංග්, 4. ඩැරල් මිචෙල්, 5. ටොම් ලේතම්, 6. මාර්ක් චැප්මන්, 7. රාෂින් රවින්ද්‍ර, 8. බ්ලෙයාර් තික්නර්, 9. හෙන්රි ශිප්ලි, 10. මැට් හෙන්රි, 11. ඉෂ් සෝධි.

advertistmentadvertistment
advertistmentadvertistment