සුපුන් සඳ යුපුන් එයි

508

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් යුපුන් අබේකෝන් ඊයේ (18 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

සුපුන් සඳ යුපුන් එයි
සුපුන් සඳ යුපුන් එයි
සුපුන් සඳ යුපුන් එයි

ඔහු ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමක් සිදු කළ අතර, එහිදී ඔහු පිළිගැනීම සඳහා යුපුන්ගේ දයාබර මව සුජීවා කොඩිකාර, ඔහුගේ පියාගේ මව එම්.ඒ. කරුණාවතී, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු, එහි උප සභාපති, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ තිලක් අල්පොන්සෝ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

මම මාසයක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. තව සති දෙකකින් 2023 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා ශූරතාවලිය මගේ මීළඟ බලාපොරොත්තුව වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිට පුහුණුවීම් ආරම්භ කරනවා. මම ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ගම්බද ක්‍රීඩකයන් හට උදව් කිරීමට ද බලාපොරොත්තු වන බව යුපුන් පැවසීය.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment