සුබෝධනි ප‍්‍රමාද නම් 2018 වැටුප් වැඩි වීම දෙන්න – ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සන්ධානය

301

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා සුබෝධනි කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාද කරන්නේ නම් වහාම 2018 වැටුප් වැඩි කිරීම සිදුකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සන්ධානයේ ලේකම් දීවානි මහත්මිය රජයෙන් ඉල්ලා සිටියාය.

නිදහස් ගුරු සංගමය ලෙස තමන් මස් රාත්තලම ඉල්ලන්නේ නැති බවත්, සුබෝධනී කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීම සඳහා රජය මගින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවට නිර්දේශ ඉදිරිපත් කළ බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය කියා සිටියාය.

සුබෝධනී කමිටු වාර්තාව ක‍්‍රියාත්මක කිරීම සඳහා පත් කළ එම කමිටුවට නිදහස් ගුරු සංගමය ලෙස තමන් යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත්, ඒ හරහා රජය අපහසුතාවට පත් නොවන ලෙස ක‍්‍රියාත්මක කළ යුත්තේ කොයි ආකාරයටද යන්න පැහැදිලිව එම කමිටුවට සිය නිර්දේශ ඉදිරිපත් කළ බවත් දීවානි මහත්මිය සඳහන් කළාය. පවතින කොවිඞ් වසංගත හමුවේ රජය අපහසුතාවට පත් නොවන ආකාරයට යම් කාලයක් ගෙන ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අමාත්‍ය කමිටුවට යෝජනා කළ බවද, එහෙත් ගුරු සේවය සංවෘත සේවයක් කිරීමටත්, ඉදිරි අයවැයේදී වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මූලික පියවර ගැනීමටත්, ඒ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය කමිටුවට යෝජනා කළ බව ද දීවානි මහත්මිය කීවාය. ඒ අනුව 2018 වසරේ සිට වසර තුනකදී නිර්දේශ කරන ලද වැටුප්, එනම් 2021 දී වැඩි වූ වැටුප් එකවර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment