සුබ සාධක ප්‍රතිලාභ අයදුම්පත් කාලය දික් කරයි

265


හෙට දිනෙන් අවසන්වීමට නියමිතව තිබූ සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ අයදුම්පත් කැඳවීමේ දිනය ඔක්තෝබර් මස 15 දක්වා දීර්ඝ කළ බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ජීවනාධාර සහ මහජන ආධාර ලබන සියලුම ප්‍රතිලාභීන්, පොරොත්තු ලේඛනවල සිටින අයදුම්කරුවන් සහ ප්‍රතිලාභ අපේක්ෂිත සියලු පිරිස් මෙම නව ලියාපදිංචියට ඇතුළුත්වීම අනිවාර්ය බව ද ඇමතිවරයා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment