සුභාවිත ගීතයට එක්වූ අලුත් හඬ

636

සචින්තන සිල්වා සුභාවිත ගීත ගොන්නට නැවුම් ආරක ගීත හතරක් එකතුකළ නව පරපුරේ ගායන ශිල්පියෙකි. සීතල නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉපදී හැදී වැඩි උතුරේ පදිංචියට පැමිණි ඔහු අද වව්නියාවේ දුෂ්කර පාසලක ගුරුවරුයෙකුව සේවය කරන අතරේ සුභාවිත ගීතයේ නවමු ඉසව් සොයා යයි. සංගීත ලෝකයට අළුත් නමක් සහ අළුත් හඩක් වන ඔහු සිය නවතම ගීත නිර්මාණ සමුච්ඡය ගැන මෙසේ පවසයි.

 මේ ගීත බිහිවෙන්නෙ ඇත්තටම වසර දහයකට පෙර. මෙයින් ගීත පහක් 2005 වසරෙදියි නිර්මාණය වුණේ.

 ‘‘ගල්කැටයමක් වෙමු’’ කියන ගීතය රත්නශ‍්‍රී විජේසිංහයන්ගේ ගීපද රචනාවක්. ඒ ගීතයට ආචාර්ය රෝහණ වීරසිංහයන් අපූරු තනුවක් යොදලා දුන්නා.ඒ වගේම ‘‘ගහකොළද නිලවරා’’ ගීතය සුනිල් දයානන්ද කෝණාරයන් පදරචනා කරලා සංගීත නිර්මාණය කළා.ප‍්‍රවීන ගේය පද රචක ආනන්ද හේවා රංහිදගේ සහ රෝහණ ධර්මකීර්ති සුසංයෝගයෙන් තරුවලට රහසෙම ගීතය නිර්මාණය වුණා.මහින්ද චන්ද්‍රසේකරයන් සහ කරුණාරත්න විජයවර්ධනයන් එකතුවෙලා ‘‘මේ රැුලි මාලා’’ ගීතය නිර්මාණය කරලා දුන්නා.

 ආචාර්ය රෝහණ වීරසිංහ,සුනිල් දායානන්ද කෝණාර,රෝහණ ධර්මකීර්ති,කරුණාරත්න විජයවර්ධන,යන ලංකාවේ ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂක වරු හතර දෙනා එකම දිනක එකම තැනකට එකතුවෙලාමේ ගීතවල මුල් සංගීත කණ්ඩ පටිගත කිරීම එක්තරා ආකාරයට විශේෂ දෙයක්.

 මම මේ නිර්මාණ කටයුතු වල යෙදෙන්නෙ උතුරේ දුෂ්කර පාසලක උගැන්ෙමිහි නිරතවෙන ගමන්. යුද්ධය අවසන් වීමත් සමගම ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ ගම්මානවල පාසල් නැවත විවෘත කළාම මටත් හිතුනා ් උතුරට ගිහිංදුෂ්කර පාසලක සේවය කරනවා කියලා.මමත් බිරිද මේඛලාත් දෙදෙනාම දරුවත් අරං 2012 වසරේදී වව්නියාවේ පදිංචියට ගියා.යුධ හමුදාවෙන් ලබා දුන්න ඉඩම් කෑල්ලකට ගිහිං මැටි ගහලා පුංචි පැල්පතක් හදාගෙන අළුතින් ආරම්භකළ බෝගස්වැව ඉස්කෝලෙට උගන්වන්න ගියා.අතිදුෂ්කර ජීවිතයක් ගත කරන උතුරේ සිංහල මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් අපි මුළු ජීවිතයට කැප කළා.

 එහෙම ඉන්න අතරතුර මුලික පටිගත කිරීම් සිදුකරලා වසර පහළවකට පස්සේ තමයි මෙම ගීත සමාජගත වෙන්නෙ. මේ තියන කොවිඞ් අවධානම නිසා ගුවන්විදුලි නාලිකා වලට ගීත පිටපත් ලබා දෙන්න නොහැකි වුණා.නමුත් යූ ටියුබ් සහ මුහුණු පොතෙන් රසිකයින්ට මේ ගීත රස විදින්න පුළුවන්.අළුත් ගායකයා තම කථාව අවසන් කළේ එහෙම. සචින්තගෙ අලුත් ගීත පිළිබඳ 0767192671 ට කතා කරලා එම ගීත ගැන ඔබේ අදහස කියන්න පුළුවන්.

– තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment