සුමතිපාලගේ  කතාව දැනගන්න හිතුමතේ ජීවිතේ  බලන්න එන්න…..

233

කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදුවන සිද්ධි දාමයක් හිතුමතේ සිනමා පටයට පාදක වී තිබෙනවා.

සුමතිපාලගේ  කතාව දැනගන්න හිතුමතේ ජීවිතේ  බලන්න එන්න.....

උදේනි සමන් කුමාරගේ ග්‍රන්ථයක් ආශ්‍රය කොටගෙන රචනා කොට තිබෙන මෙම සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ක්‍රිෂාන්ත මනම්පේරිය. වෘත්තියෙන් ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයෙක් වූ ක්‍රිෂාන්ත ගුවන් හමුදාවට සම්බන්ධවන්නේ වයස අවුරුදු විස්සේදීය. වසර විසිහයක පූර්ණ සේවා කාලයෙන් විශ්‍රාම ගන්නා ඔහු ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධවී කටයුතු කළේය. ඔහු සිය රාජකාරී ජීවිතයෙන් පසු මැලේසියාවේ චිත්‍රපට ඇකඩමියෙන් සිනමාව සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇත. එම අධ්‍යයනයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණ හිතුමතේ ජීවිතේ පළමු සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළේය.

සුමතිපාලගේ  කතාව දැනගන්න හිතුමතේ ජීවිතේ  බලන්න එන්න.....
අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන හිතුමතේ ජීවිතේ හෙවත් සුමතිපාලගේ චරිතය නිරූපණය කරන්නේ දිනෙත් ද සිල්වා විසිනි. මහේන්ද්‍ර පෙරේරා” දමිතා අබේරත්න” ජයනි සේනානායක” ජගත් චමිල” පාලිත සිල්වා” ගිහාන් ප්‍රනානා්දු” ඉෂාන් ගම්මුදලි” ප්‍රියංකර රත්නායක” මරියොත් වෙත්තසිංහ” අනුරුද්ධිකා පාද්දුකගේ” හර්ෂිකා රත්නායක” සරත් චන්ද්‍රසිරි මෙම සෙසු චරිතවලට රංගනයෙන් දායක වේ.

හිතුමතේ ජීවිතේ තිර පිටපත් රචනය ඉන්දික අතුල ප්‍රියන්ත සහ ප්‍රිියංකර රත්නායක විසිනි. කැමරාව හැසිරවූයේ නිශාන්ත ප්‍රදීප්ය. රුක්මල් නිරෝෂ් සංස්කරණය සිදුකළ මෙය ගයාත්‍රී කේමදාස සහ සාරංග විජේසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවී තිබේ. හිතුමතේ ජීවිතේ විහාරා සමරසිංහගේ  නිෂ්පාදනයකි. මාධ්‍ය සම්බන්ධීකරණය නිහාල් සංජය විසින් සිදුකරනු ලැබේ.

පසුගිය 15 වැනිදා සිට මෙය ඊඒපී මණ්ඩලය ඇතුළු සිනමාශාලා රැසක තිරගත වේ.


සුමතිපාලගේ  කතාව දැනගන්න හිතුමතේ ජීවිතේ  බලන්න එන්න.....


දිනේෂ්



advertistmentadvertistment
advertistmentadvertistment