සුමන්තිරන්ගේ ප‍්‍රකාශයකට ගුරුනගර් ධීවරයෝ විරෝධතාවක

159

යාපනය ගුරුනගර් ප‍්‍රදේශයේ ධීවරයින් පිරිසක් ඊයේ (26දා) විරෝධතාවයක නිරත වූහ. ඒ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් දේශීය ධීවරයින්ට අවාසි සහගත අන්දමින් විවිධ ක‍්‍රමෝපායන් කීපයකට තහනමක් පැනවිය යුතු බවට සිදු කළ ඉල්ලීමක් මුල් කර ගනිමිනි.

ඒ අනුව අදාළ විරෝධතාකරුවන් විසින් ප‍්‍රදේශයේ කඩසාප්පු වසා දමමින් මෙසේ විරෝධතාවයේ නිරත වූ අතර සුමන්දිරන් මන්තී‍්‍රවරයාගේ පඹයෙකුද සාදා විරෝධතාකරුවන් විසින් මෙම ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කොට තිබේ. එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් ඇතැම් දේශීය ධීවර කර්මාන්තයේ කටයුතු තහනම් කළ යුතු බවට ඉල්ලීමක් සිදු කොට ඇති බවයි.

 මුලතිව් ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment