සුරංග ලක්මාල්  මීකී ආතර් සමග එක්වෙයි

593

ශී‍්‍ර ලංකා වේගපන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් බි‍්‍රතාන්‍යයේ ඩර්බිෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වීමට තීරණය කර තිබේ. එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතරුව ජාත්‍යන්තර පිටියට සමුගන්නා බව පෙරේදා (02 වැනිදා) නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.

ඩර්බිෂයර් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සුරංග ලක්මාල්ගේ ගිවිසුම සම්බන්ධයෙන් දන්වා ඇති අතර වසර දෙකක කාලයක් සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඩර්බිෂයර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකාවේ හිටපු පුහුණුකරු මිකී ආතර් කටයුතු කරනු ලබයි.

34 වැනි වියේ පසුවන ලක්මාල් කලක් ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කළ අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 68 කදී කඩුලූ 168ක්, එක්දින තරග 86කදී කඩුලූ 109ක් සහ විස්සයි විස්ස තරග 11කදී කඩුලූ 8ක් ලක්මාල් විසින් බිඳ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment