‘සුරකිමු ගංගා’ අරමුණට පිටින් ලක්‍ෂ 20ක් වැය කර විදුලි කාරයක් අරන්

163

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ‘සුරකිමු ගංගා’ වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට විද්‍යුත් මෝටර් රථයක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

අරමුණට පටහැනිව මෙම මෝටර් රථය මිලදී ගැනීමට කටයුතු කළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු බට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ රුහුණු මහා දේවාල භූමියේ වායු දූෂණය අවම කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කතරගම දේවාලයේ නිලමේගේ හා දිසාපතිවරයාගේ ඉල්ලීම පරිදි පරිසර හිතකාමී විදුලි බලයෙන් ක්‍රියා කරන මෙම රථය ලබා දුන් බවය. පූජා භූමිය තුළ ගමන් කරන මෝටර් රථවලින් නිකුත් කරන දුම නිසා සිදුවන වායු දූෂණයෙන් මතුපිට ජලය දූෂණය වීමේ හැකියාවක් පවතින බවද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment