සුරතල් සතුන්ගේ සම රැකගැනීම

491

ඔබ නිවසේ ඇති කරන සුනඛයන් හා බළලූන් වැනි සුරතල් සතුන්ගේ අධික ලෙස ලොම් වැටීම පිළිබඳව අපි අද කතා කරමු. අධික ලෙස ලොම් හැලීම් දුටු විට හිතට නැෙගන්නේ අපට ඇති විය හැකි ආසාත්මිකතා පිළිබදවය. සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන් විවිධ ලෙස ආසාත්මිකතා පෙන්වයි. ඉතා තදබල ලෙස ආසාත්මිකතා පෙන්වන දරුවන් හැරුණු කොට සුරතල් සතුන් සමග හැදෙන වැඩෙන දරුවන්ගේ ආසාත්මිකතා ඇතිවීම අවම වී තිබෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර තිබේ.

ආසාත්මිකතා ඇති වන්නේ ලෝම සමග ගැලවිලා යන සම කොටස් (Dander) මුත‍්‍රා සහ ඛේඨයේ අඩංගු ප්‍රෝටීන කොටස් මගින් බව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඇත.

සුරතලාගේ ලෝම වැටීමට හේතු කාරණා පිළිබඳ සහ ඒවා වළක්වාගත හැකි ආකාරය අපි විමසා බලමු.

වසරේ යම් යම් කාලවකවානු වල ලෝම හැලීම් ස්වභාවික තත්ත්වයකි.

මෙහිදී අප කළ යුත්තේ සුරතලාගේ ශාරීරය දින පතා පීරා ගැළවෙන ලෝම නිසි පරිදි ඉවත් කිරීමයි.

තවදුරටත් හ`දුනාගෙන ඇති ලෙස පෝෂණ ඌනතා (Deficiencies, ආසාත්මිකතා (Allergies), ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා (Autoimmune diseases), දිලීර ආසාදන (Fungal infection), පරපෝෂිත ආසාදන (Parasitic infections) සහ හෝමෝනය අසමතුලිතතා ප‍්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

සුනඛයන් හා බළලූන් මාංශ භක්ෂක සතුන් වේ. සත්ත්ව ප්‍රෝටීන් සමග ඛණිජ ලවණ, විටමින සහ මේද අම්ල ලබාදීම වැදගත් වේ. අපට සරලව ඔවුන්ගේ කෑම වේලට පොල් ටිකක් කලවම් කළ හැකිය. මෙය ඉතා ගුණදායක වේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් පිෂ්ඨය අධික අහාර ලබා දීමේදී ශරීර බර වැඩි වීමත් අධික ලෙස මේදය තැන්පත්වීමත් වේ. මේ මගින් ලෝම හැලීම් වැඩි විය හැකිය. මෙවැනි අවස්ථාවල ඔබගේ පශු ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න. ආසාත්මිකතා සහ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා සමේ රෝග ඇතිකරන තවත් ඉතා බහුල අවස්ථාක් වේ.

මෙහිදී ආසාත්මිකතා ඇතිකරන කාරණා ලෙස අහාර, තෘණ ඇට සහ අප භාවිතා කරන විෂබීජ නාශක ප‍්‍රධාන වශයෙන් දැක්වීමට හැකිය. මෙම තත්ත්වය පාලනයට අප ඉතා අවධානයෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතුය. ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ‍්‍රිත සංකූලතා ඖෂධ මගින් පාලනය කර ගත හැකි වුවත් නිට්ටාවට සුව කළ නොහැකිය. මේ පිළිබ`දව ඔබගේ පශු ශල්‍ය වෛද්‍යවරයා හමුවී වැඩිදුර දැනුවත් වෙන්න.

සමේ ඇති වන දිලීර සහ මයිටාවන් හදුනා ගැනීම සමේ ආසාදනය වූ ප‍්‍රදේශයෙන් නියැදි පරීක්ෂාවක් කළ හැකිය. එමගින් සුදුසු ඖෂධ නිර්දේශ කළ හැකිය. ආලේපන, ශෝධක දියර (Shampoo( ආදිය භාවිතා කිරීම පිළිබද උපදෙස් ඔබගේ පශු ශල්‍ය වෛද්‍යවරයාගෙන් ලබා ගන්න. මෙහිදී තවත් ඉතා වැදගත් කාරණයක් මතක තබාගත යුතුය. එනම් සමහර මයිටාවන් සදහා ඖෂධ ලබා දෙන විට රුධිරයේ බරවා පණුවන් ((Microfilaria) පරීක්ෂා කර ලබා දීම ඉතා වැදගත් වේ.

මෙහිදී ඉතා කලාතුරකින් මයිටාවන් (Mange( සහ දිලීර ආසාදන අපට බෝවන අවස්ථා ඇත.

එම නිසා සුරතලාගේ ලෝම හැලීමක් හෝ සමේ ආසාදනයක් ඇති විට සැලකිලිමත්ව පශු ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න. මැක්කන් සහ කිනිතුල්ලන් වැනි බාහිර පරපෝෂිතයන් නිසාද ඔබගේ සුරතලාට සමේ ආසාත්මිකතා (Flea bite allergy “tick bite allergy))) ඇති වී ලෝම හැලීම උග‍්‍ර විය හැකිය. කලාතුරකින් මෙම ආසාත්මිකතා දරුවන්ටත් වැඩිහිටියන් ඇති විය හැකිය. එම නිසා සුරතලාගේ බාහිර පරපෝෂිතයන් ගැන සැලකිලිමත් වන්න.

මේ ස`දහා ඖෂධ සහ ආලේපන භාවිතයේදී සුදුසුකම්ලත් පශු ශල්‍ය වෛද්‍යවරයකුගේ

උපදෙස් මත පමණක් නිසි ඖෂධ වර්ගය හා මත‍්‍රාව තෝරා ගැනීමට කටයුතු කරන්න. නිකරුණේ ඔබගේ

සුරතලාට ඖෂධ සහ රසායන ද්‍රව්‍ය භාවිතයේදී ඇතිවන විෂ වීම වළක්වා ගන්න. හෝමෝන අසමතුලිතතා (උදා : තයිරොක්සින් හෝමෝනය අඩු වීම) සමග ඇති වන ලෝම වැටීම බොහෝ විට ශරීරයේ සමමිතිකව දක්නට ලැබේ. මෙය රුධිර පරීක්ෂාවක් මගින් විනිශ්චය කර ගැනීමට හැකිය. සුරතලාගේ සම නිසි පරිදි රැගෙන ඔබත් සුරතලත් සතුටින් සිටින්න.

සුරතල් සතුන්ගේ සම රැකගැනීම

පශු ශල්‍ය වෛද්‍ය සුරංගිකා හපුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment